Tuesday 3 December 2013

‘අපි මොනවා කිව්වත් යූඑන්පී එකට අවශ්‍ය මංගල වගේ අය ' - බුද්ධික පතිරණ

අපි එක් එක්කෙනාගෙ ඉල්ලීමට මාධ්‍ය හරහා මංගලට ගැහුවට නියම යූඑන්පී කාරයන්ට ඕනෙ මංගල වගේ කාගෙන යන චරිතයක්. සම්ප්‍රදායික යූඑන්පී කරයා කියන්නෙ ගහපු එකෙක් මිසක් ගුටි කාපු එකෙක් නෙමෙයි. සම්ප්‍රදායික ශ්‍රී ලංකා කාරයා හැමදාම ගුටි කාපු එකෙක්. ඒක නිසා යූඑන්පී කාරයට ඕනෙ කැත්තට පොල්ල වගේ චරිත මිසක් පොල්ලට නවගුණවැල නෙමෙයි. ' යනුවෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පසුගිය දා මාතර අකුරැස්ස ප්‍රදේශයේ සිය සමීප ආධාර කරුවන් සමූහයක් ඉදිරියේ පැවසීමට යෙදී ඇත.

එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කර දී ඇති බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා තම ආධාර කරුවන්ට පවසා ඇත්තේ අපේ නායකයා සජිත් මංගල මන්ත්‍රීතුමාට නපුංසකයා අවජාතකයා කියල කිව්වට මිනිස්සු හිනා වෙන්නෙ සජිත්ට මිසක් මංගලට නෙමෙයි. යූඑන්පී කාරයින්ට ඕනෙ වොයිස් කට් දේශපානය නෙමෙයි. පාරට බැහැල වීදි සටන් සහිත දේශපාලනයක්. පක්ෂෙන් ඈත්වෙලා ඉන්න මිනිස්සු ආයිත් පක්ෂෙට ගෙන්න ගන්න පුළුවන් වෙන්නෙ ඒවගේ වීදි සටන් වලින් මිසක් වොයිස් කට් වලින් නෙමෙයි. ' කියාය.

මට කොච්චර කැපිල්ල ආවත් මම යූඑන්පී එක දාල යන්නෑ. මං ඒක ලේවලින් අත්සන් කරල සහතික වෙලා තියෙන්නෙ. මට මුදල් ප්‍රශ්න නෑ. මම සරල ජීවිතයක් ගෙවන මිනිහෙක්. මට තව අවුරුදු විස්සක් වුනත් ඉවසන්න පුළුවන්. එතකොට රනිල්ට අවුරුදු අසූවයි. එතකොට හරි මට කලක් යාවි. මම පහුගිය මහ මැතිවරණයෙන් මාතර පලවෙනියා වෙච්ච වෙලාවෙ රෑ නායකතුමා මට කතා කළා. මම හිතුවෙ සුභ පතන්න කියල. දන්නවද කිව්ව දේ. ‘‘හා නියම වැඩේ නේද කරේ. සාගලව පැරැද්දුව නේද?'' කියල ෆෝන් එක ඩිස්කනෙක්ට් කරා. එතුමා තාමත් හිතන් ඉන්නෙ අකිල මන්ත්‍රී තුමා සාගලව පරද්දන්න කියල මට ලක්ෂ 10 ක් දුන්න කියල. ඒක සම්පූර්ණ බොරුවක්.' යනුවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා තම පාක්ෂිකයන්ට කරුණු පැහැදිලි කර දී ඇත.

No comments:

Post a Comment