Tuesday 24 December 2013

රනිල්ගේ නත්තල් පණිවිඩයේ තිබුණු අඩුපාඩු.....

අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන යහපත් දේ ඉපැදවීමටයි - රනිල් වික්‍රමසිංහ මැතිතුමා

වර්තමාන සමාජයද ඉල්ලා සිටින්නේ යහපත් පරිසරයක් බවත් ගුණදම් සපිරි වටපිටාවක් යහපත් පාලනයක් නීතීය, සාමය හා යුක්තිය රජයන යහපත් දේශයක් බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසා සිටියි. මෙවර නත්තල් දිනය වෙනුවෙන් නිකුත් කර ඇති සුභාශිංසන පණිවිඩයෙන් එතුමා මේ බව පවසා ඇති අතර එතුමාගේ නත්තල් දින පණිවිඩය පහත දැක්වේ. 

සුභාශිංසන පණිවුඩය

දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ලොවට බිහි වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතයම කැප කළේ ආදරය, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙනි.

වර්තමාන සමාජය ද ඉල්ලා සිටින්නේ යහපත් පරිසරයකි. ගුණ දම් සපිරි වටපිටාවකි. යහපත් පාලනයකි. නීතිය, සාමය හා යුක්තිය රජයන යහපත් දේශයකි.

යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද උපදවන බව ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් ය.

එහෙයින්, අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන යහපත් දේ ඉපැදවීමටය. යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමටය.

යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ නත්තල් දිනය සමරන අප සැමට නත්තල අර්ථවත් කර ගත හැක්කේ එවිටය.

ඔබ සැමට අසිරිමත් හා අර්ථවත් නත්තලක්..!

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක හා විපක්‍ෂ නායක
2013. 12. 25

No comments:

Post a Comment