Tuesday 3 December 2013

කොන්ඩම් තියරිය මර දෙම්මොත් එයාල ඉවරයි--හුළුගල්ල



මටත් වෙන එවුන්ට වගේ රාජපක්ෂලා කොන්ඩම් තියරිය දාන්න ආවොත් ඒක ඒ අයගේ අවසානයයි. කෙහෙල් ගහට කොටල හොට පැටලිච්ච කොට්ටෝරුවට වෙච්ච දේ තමයි රාජපක්ෂලට වෙන්නෙ. චන්ද්‍රිකයි - සනතුයි චැනල් 9 එකට මාව පටලවන්න ඇවිල්ල ඉගෙන ගත්ත පාඩමට වඩා හොද පාඩමක් මම රාජපක්ෂලාට උගන්වනවා ' යනුවෙන් අද උදෑසන මතු වී ඇති තත්වය පිළිබඳව තොරතුරු දැන ගැනීමට ලක්ෂ්මන් හුළුගල්ල මහතා ඇමතූ ඔහුගේ සමීපතම හිතවතෙකුට ඔහු විසින් පිළිතුරු දී ඇත්තේ ඒ ආකාරයටයි.

තවදුරටත් මතු වීඇති තත්වය පිළිබදව තම හිතවතාට දුරකතනයෙන් කරුණු පැහැදිලි කර දී ඇති හුළුගල්ල මහතා රජය ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය පසුගිය නොවැම්බර් 01 දා ඉදන් අහෝසි කලා කියන කතාව මොහාන් සමරනායකගෙ බොරුවක්. එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ. එහෙම දෙයක් සිද්ධ වෙනව නම් ආරක්ෂක ලේකම් තුමා ඉස්සෙල්ලම කියන්නෙ මට. අද උදෙත් මට එතුමා කතා කලා. එතුමා මගෙන් ඉල්ලා හිටියෙ තත්වය පොඩ්ඩක් සමනය වෙනකම් මැලේසියාවට ගිහින් ඉන්න කියල. මම එතුමට එදා වගේම තාමත් ගරු කරනව. එතුමගෙයි මගෙයි යාළුකම ගොඩක් අයට දිරවන්නෑ. හැබැයි ඉතිං මටත් ඉවසීමේ සීමාවක් තියෙනව. ' යනුවෙන් වැඩි දුරටත් පවසා ඇත.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ඉදිරි දින කීපය තුලදී ලක්ෂ්මන් හුළුගල්ල මහතා මැලේසියාවට යාමට නියමිත අතර ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාට යෝජනා කොට ඇත්තේ හුළුගල්ලගේ තනතුර අහෝසි කරන්නේ නම් ඔහුට මැලේසියාවේ හෝ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය ලබා දෙන ලෙසයි. ආරක්ෂක ලේකම්වරයාගේ එම ඉල්ලීම පිළිබදව ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කොට නැත.

ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ ඉහත කී දුරකතන සංවාදය අදාළ පුද්ගලයා විසින් සම්පූර්ණයෙන්ම පටිගත කොට ඇති අතර එය හැකි ඉක්මනින් ජනාධිපතිවරයාට ඇසීමට සැලැස්වීමට එම පුද්ගලයා කටයුතු යොදමින් සිටී.

උපුටා ගැනීම ---එ ජා ප ශාකා සමිතිය මිලානෝ

No comments:

Post a Comment