Wednesday 25 December 2013

සේයාරුව පිටිපස සැඟවුණු වීරයාගේ කතාව ඔබ දන්නවාද ?

ඒ 2007 ජුලි 06 වන සිකුරාදා දිනයයි. නැගනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ දරුණු සටන් ඇවිල ගිය මොහොතක නරකමුල්ල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබල පිරිසකට කොටි ත්‍රස්තයින්ගේ මෝටාර් ප්‍රහාර වැල නොකැඩි එල්ල වන්නට විය..මේ අතර තොප්පිගල සැඟව සිටි කොටි කණ්ඩායමකට නරකමුල්ල උතුරු ප්‍රදේශයේ සිදුවන මෙම මෝටාර් ප්‍රහාරය ඉව වැටිණි. ඒ අනුව කොටින් සැඟව සිට එල්ල කල ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරියෙක් ඇතුළු 06 දෙනෙක්ට තම ජීවිතය අහිමි විය.

මේ රැක සිට පහර දීමෙන් දිවිදුන් නිල දරුවා නමින් ලුතිනන් කර්නල් සමන්ත අරුණසිරි රණතුංග නම් විය. එවකට හෙතෙම වැඩ බලන අණදෙන නිලධාරී 1වන විමර්ශන රෙජිමේන්තුව සන්නාහ සන්නද්ධ බලකාය ලෙස සේවයේ නියුතු විය. 1968 නොවැ 28 දින දොම්පේ ප්‍රදේශයේ උපත ලද එතුමා 1989 වසරේ කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨයට කෙඩෙට් නිලධාරියෙක් ලෙස එක්විය. අධ්‍යන කටයුතු සාර්ථකව නිමවා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය වෙත එක්වූ එතුමා මිය යන තෙක් සියලු අංශයන්ගෙන් යුධ හමුදාවට තම උපරිම දායකත්වයක් දැක්විය. දරු දෙදෙනෙකුගේ පියෙක් වන මේ අභීත සෙන්පතියාගේ නිසල දේහය බදාගෙන වැලපෙන ආදරණිය බිරිඳගේ සේයාරුවක් ඉහත දැක්වේ....

ඔබට නිවන්සුව ලැබේවා !
"වීරයෝ කිසිදා නොමියති "

No comments:

Post a Comment