Tuesday 3 December 2013

"මේ පාලකයා ප‍්‍රමුඛ ගෝල බාලයේ මේ රට පාලනය කළ හොත් ආසියාවේ ආශ්චර්ය නොවෙයි. ආසියාවේම අපාය වෙන්නේ මේ ලංකාවයි". - ජෙනරාල් සරත් ෆොන්සේකා


මේ පාලකයා ප‍්‍රමුඛ ගෝල බාලයේ මේ රට පාලනය කළ හොත් ආසියාවේ ආශ්චර්ය නොවෙයි. ආසියාවේම අපාය වෙන්නේ මේ ලංකාව ආසියාවේ ආශ්චර්ය ගැන කතාන්දරයක කියනවා මේ අකාරයට මේ පාලකයා ප‍්‍රමුඛ ගෝල බාලයේ මේ රට පාලනය කළ හොත් ආසියාවේ ආශ්චර්ය නොවෙයි. ආසියාවේම අපාය වෙන්නේ මේ ලංකාව යයි,ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

ඒ මහාත එසේ පැවැසුවේ ඊයේ 01 දින ඉමදුව නගරයේ පැවැති මහජන රැස්වීමක දීය.

වැඩිදුරටත් අදහස් ප‍්‍රකාශ කළ ඒ මහතා මෙසේද කීය.

ජනතාවගේ, දරුවනගේ, කාන්තවගේ පළිගන්නා වු සංවේදි බවක් පෙන්වන ජාතියේ අඩම්බරකාර පියා තමයි මෙහෙමෙ කරන්නේ .සංවේදි නායකයෙන් බව නියමින් මේ නායකයා මේ ආකාරයට කටයුතු කරනවා. මේ රටේ ත‍්‍රස්වාදියා අපිත් එක්ක සටන් කළ අපිත් එක්ක මුහුණට මුහුන සටන් කළා. අපේ දරුවනගෙන් පලි ගත්තේ නෑ. මේ උදවිය දරුවනගෙන්ද පළිගන්නවා. නමුත මේ රට නායකයා එහෙම කරනවා.

මේ පාලකයගේ පලන සමයෙ දී මේ රටේ අද හෙටම ස්ත‍්‍රී දුෂණය නිතිගත කරාවි. අල්ලස් කාරයන් නිදහස කර අල්ලස දුෂණය නිතිගත කරනවා. මෙයයි මේ පාලකයාගේ අවශ්‍යතාවය වන්නේ. මේ ඒකාධිපතිවරයා මේ ආකාරයටය කටයුතු කරන්නේ. රට දුෂණය වෙලා. දුෂණය කරනනේ පාලකයාගේ ගෝලයෝ.බාලයෝ .පවුල් ගැත්තෝ ටිකයි. කැසිනෝ ගෙනාවා. ගේන්න හදනවා. ඒ සමගම ගණිකා රස්සාවත් නීතිගත කරනනට හදනවා.මෙහි තව තමත් විකල්ප ආකාරයට මේ වැරදි වැඩ සිදු වෙනවා. මේ නිසා මේ ඒකාධිපති පාලනය පවුල වාදය, පවුල් පාලනය අවසන් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා සියල්ලෝම පෙළ ගැසිය යුතු වෙනවා. පවුල පාලනය අවසන් කළ යුතු තිබෙනවා.

නිදහස් අධ්‍යාපනය යක් මේ රටේ නෑ. එම සියල්ලම කප්පාදු කර ලා. ලෝකයෙ උසස් පෙළ සමත්ව රැකියාවක් නොමැතිව තරුණයන් සිටින එකම රට ලංකාවයි.

නමුත් මේ පාලකයා කෝටිගණන් මුදල් ගසාකමින් යැපෙනවා. නිදහස් නොමිලයේ සියලූම සම්පත් අරක්ෂාව රැකවරණය සියල්ලම ලබා ගන්නවා. මගේ වශ‍්‍රම වටද අමකරාල තියනවා මම පිරිමයෙක් මට හැකි ජවත් වෙන්න මැද මුලනේ අවට ජනතාවද, දරුවෝද රට පුරා ජනතාවද දරුවෝද දුක් විදිනවා. සමහරු දවසට කන්නේ වේල් එකයි. දවසට වෙල් තුනක් කෑම කන්න බැරි ජනතාවක් මේ රටේ ඉන්නවා. මේ ජනතාව අසරණ වෙලා. මැදමුලනෙත් එහමෙයි රටපුරාත් එහෙමයි.

ලෝකයේ අසමත් රටවල වලින් අපි පෙරමුනෙ ඉන්නෙ .ආසියාවේ අශ්්චර්ය ගැන කතාන්දරයක කියනවා මේ අකාරයට මේ පාලකයා ප‍්‍රමුඛ ගෝල බාලයේ මේ රට පාලනය කළ හොත් ආසියාවේ ආශ්චර්ය නොවෙයි. ආසියාවේම අපාය වෙන්නේ මේ ලංකාවයි . කෘෂිකර්මය නැති කර තියනවා.තේ ,රබර්,පොල් විනාශ වෙමින් තියනවා. පසුගිය කාලයේ මන්ද බුද්ධිත චින්තනය නිසා කර්මන්ත ශාලා පන්සියක්ම වැසි ගොස් තියනවා.සංවර්ධනය නාමයෙන් හොරකම් කරනවා.රටේ සංවරධනයක් නෑ.ගොවියාට සෙතක් නෑ. ගොවියාගේ ගොවි විශ‍්‍රාම වැටුපත් නැතිකර තිබෙනවා.ගොවියා කම්කරුවා, ධීවරයා ආදි සයල්ලෝම මේ පාලනය මගින් රවටා තිබෙනවා.

ජනතාවට බදු මුදල් දීලා ජනතාවගේ මුදලින් මේ පාලකයෝ ඔහුනගේ සියල්ලොම ජිවත් වෙනවා.පාරවල් කාබට් කරනවා. කපට් ඉබිනවා. කොමිස් ගහනවා. බොරු සංවර්ධනයක් සිදු කරනවා. එක පරම්පරාවක් නොවෙයි පරම්පරා පහක්ම මේ පාලකයෝ ලෝකයට ණය කර තිෙබිනවා.මේ පරපුරම දුෂිතයෝය. මේ පරපුරෙ සියලලෝම දුෂිතයෝ. මේ අය කළ සංවර්ධනයක් නෑ. හොදම ආශ්චර්ය තමයි දැන් සිදුවෙලා තියෙන්නේ. ජනතාව ගේ අතේ මුදල් නෑ.

මේ නිසා මේ දුෂණයට මෙ පලනයට නිමාව සකස් කළ යුතුයි. මේ යටතේ ,විකල්පයක් අවශ්‍ය වෙනවා. ප‍්‍රමාද වෙන්න එපා. ප‍්‍රමාදය පසුතැවෙන්න සිදු වෙනවා. අපි රටට ආදරෙයි අපි. ජාතියට ආදරරෙයි. රටට ගරු කරනවා.ජනතාව වෙනුවෙන් කැපවීමක් කළ හැකි කැපවීක් සිදුකළ අපි ජනතාව වෙනුවෙන් පෙනි සිටියා පෙනී සිටිනවා.

අපි ජනතාව සමග සිටිනවා. ජනාව හදුනන ජනතාව තමයි ඉන්නේ. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයේ සියල්ලෝම ජනාතව සමගයි ඉන්නේ. මේ සියල්ලෝම ජනතාවට ආදරය කරන ගරුකරන අයයි. ඒ නිසා ඔබ හදුනන ඔබ දන්නා අයය මෙහි ඉන්නේ .ඒ නිසා ඔබටත් මේ ආකාරයට අපේ පක්ෂයට එන්න හැකියි .අපිත් එක්ක එකතු වෙන්න හැකියි.

අද මේ රටේ විපකෂයක් නෑ. ඒ අයගේ නොහැකියාව රටම දන්නවා.එය ජනතාව නිහඬව අපට ලබාදෙන සහයෝගය මත මෙය දැකගත හැකියි. බඩගෝස්තර වාදයට අපිත් ගියානම් අපටත් රජසැප විදගෙන ඉන්න හිටින්න තිබුනා.අපි එහෙම ඒ අයගෙන් ඉවත් උනේ ඒ නිසයි.ඒ නිසා ජනතාවගේ අභිලාශයන් අපි දැනගෙන වසර හැට පහක් මේ රටෙ දෙපැත්තේම දේශපාලඥයින් මේ රට් ජනතාව වැවැට්ටුවා. ඒ අයගේ වුුවමනාව කැපවීම සිදුකළා, පවුල් හා පරිපුර රැකීම සිදු කලා.

නමුත් අපේ ජනතාවගේ යුතුකම් මේ අය ඉටු කළේ නෑ. ජනතා අපේක්ෂා මේ අය ඉවත් කර ඒ අයගේ අපේක්ෂාව මතයි කටයුත කළේ. මේ පාලකයෝ ද රට පාලනය කළ සමහර පාලකයෝ ද මේ ආකාරයට සිදු කළා. බණ්ඩාරනායකලා හෝ සේනානායකලා හෝ ඒ ආකාරයට මේදැන් තිබෙන ආකාරයට රට ජනතාව විනාශ කළේ නෑ ජනතාව අමතක කළේ නෑ. දන සිටින උදවිය සියල්ලම දේශපාලඥයනගේ නාමයෙන් ඔවුනගේ න්‍යාය පත‍්‍රයට තමයි කටයුත සිදු කළේ. ජනතා මතයට නොවෙයි.

නායකයා ප‍්‍රබලයා කියකියා ජනාව ජන්දය දුන්නා. නමුත් මේ සයල්ලෝම ජනතව රැවැට්ටුවා. ඒ අය පමනක් ජිවත් වෙනවා. මාරුවෙන් මාරුවට මේ පිල් වලට ජන්දය දී අද වන වට ජනතාව රැවටු රැවටී සිටිනවා.

අප ජනතාවගේ අයිතිය ශක්්තිය ජනතා බලාපොරෙත්තුව ඉට කරනවා. ආරක්ෂා කරනවා ප‍්‍රජාතන්තවාදය ආරක්ෂා කරනවා.ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. අපට දැන් පිට පිටම ජනතාවගෙන් රටපුරාම දැවැන්ත සහයෝගයක් කැමැත්තක් දක්වනවා.මහා ප‍්‍රතිචාරයක් ලැබෙනවා. මේ නිසා මේ රටෙ පකලයෝ මෙයට විරෝදය පානවා. අපට අරයදු කරනවා කෙනෙහිලි කම් එදා වාගේම අදත් කරනවා.අපි ඒ සියල්ල ඉවසාගෙන ඉදිරියට, පෙරටම යනවා. ජනතාව වෙනුවෙන් මේ අයට විරුද්ධව අපි කටයුතු කරනවා.

අපේ රටේ ජනතාව නිර්භිත ජනතාවක් අපි ඒ බව ඉතිහාසයෙත් අදත් ඔප්පුකර තිබෙනවා.අපි රටට ආදරෙයි ජනතාවට ආදරෙයි.පසුගිය පළාත් සභා මැතිවරණයේ දී කවුරුත් කීවේ අපට ජනතාව ජන්දය දෙන්නේ නෑ. කියා. නමුත්, ජනාතාව අපව අණුමත කලා. ආසනයක් නෑ කීී අපට ආසන පහක්ම ලබාදුන්නා. මේ ආදි වශයෙන් රටේම ජනතාව අපට සහයෝගය දන්වන්න පෙරමුනට ඉදිරියටම පැමිණෙනවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කිය.

No comments:

Post a Comment