Monday 29 July 2013

තනිකම දැනෙනවා , ඒඅ ය නිතර හමුවෙනවා. - රංගන ශිල්පින් මැණික් කුරුකුලසුරිය




Manik1සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක මතක සටහන් ඉතිරි කර අද තරමක් දුරට එයින් දුරස්ව සිටින ජනප‍්‍රිය රංගන ශිල්පින් මැණික් කුරුකුලසුරිය පසුගිය දිනක අපට මුණගැසුණේ සිය නිවසේදීය, ආදර කතාව, රන් දම්වැල්,බඹා කෙටු හැටී, ක‍්‍රීස්තු චරිතය, හිත හොඳ කොල්ලෙක් ආදී වශයෙන් වු ජනප‍්‍රිය චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායක වු ඇය ආදර කතාව චිත‍්‍රපටයේ කළ විශිෂ්ඨ රංගනය උදෙසා සම්මානයක් ද දිනා ගත්තාය.
ජනප‍්‍රිය මෙන්ම දක්‍ෂ නළුවෙකු වන ජගත් චමිලට ජාත්‍යන්තර සම්මානයක් හිමි කර දුන් කපිතාන් එල්මෝ ජයවර්ධනගේ ‘සැමිගේ කතාව’ චිත‍්‍රපටයේ ද ප‍්‍රධාන භුමිකාවක් ඇය නිරූපණය කරන්නීය.
සැමිගේ කතාව චිත‍්‍රපටයේ ඔබ රඟපෑ චරිතය කුමක් ද ?
මම රඟපෑවේ සනත් ගුණතිලකගේ බිරීඳ හැටියටයි. සැමි වැඩට එන්නේ අපේ ගෙදරටයි. බොහෝ කාලෙකට පස්සේ හොඳ චිත‍්‍රපටයක රඟපෑවා. ඒ ගැන සතුටුයි.
හොඳයි කියලා ඔබ අදහස් කළේ කුමක්ද?
ප‍්‍රධානම දේ තමයි ඒක හොඳ කතාවක් ඉතා හොඳට ගොනු කරලා හොඳ නිමාවක් කර තිබුණා. සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි ඒ චිත‍්‍රපටය නිර්මාණය වුණේ. හොඳ පිටපතක් තිබුණා. කාලය බෙදා ගැනීමක්. දර්ශන වෙන් කිරීම් ඇතුළු ක‍්‍රමවත්ව චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීම කියන දේ ඒ චිත‍්‍රපටය රඟපෑම්වලට සම්බන්ධ වුණේ.
ඔබ ඔය කියන චිත‍්‍රපට නිර්මාණකරණයේ පිළිවෙල අතීතයේදීත් තිබුණා නේද?
ඔව්.. අපි ඒ පිළිවෙලට වැඩකරන්න හුරු වුණු අයයි. ඒ කාලේ රඟපාන්න කලින් පිටපත කියවලා මොනවාද රඟපාන්නේ කියලා අපි දැනගන්නවා. පිටපතේ තියෙන විදියට රඟපාන්න පුළුවන් නම් තමයි ඒ චිත‍්‍රපටයේ රඟපාන්න බාර ගන්නේ. අද කාලේ නම් බොහෝ නිර්මාණවලට පිටපත් නැහැ. කාලය පෙළ ගැස්මක් නැහැ.
ඔබ නිර්මාණවලට දායක නොවන්නේ මේ අපිලිවෙල නිසාද?
බොහෝ දුරට ඔව්. අපිලිවෙලට ආවාට ගියාට වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න බැහැනේ. අපට එහෙම පුරුදු නැහැ.
අලූත් චිත‍්‍රපටවල රඟපාන්න ආරාධනා ලැබුණද?
අනේ ඔව්. ඒත් මම ඒවාට ගියේ නැහැ. හරි විදියට එකක් ලැබුණොත් රඟපානවා.
ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් නොවෙයිද?
කවදත් මම චරිත හඹා ගෙන ගියේ නැහැ. විවේකය ඉතිරි කරගෙන තමයි චිත‍්‍රපටයක් භාර ගන්නේ. එකක වැඩ කරන අතරේ තව දෙක තුනක වැඩ කලේ නැහැ. අපි රඟපෑම කලේ රඟපෑම කෙරෙහි ලොකු ගෞරවයක් ඇතුවයි.
අද ඉන්න අයගෙන් ඒ ගෞරවය ගිලිහිලාද?
සමහර දක්‍ෂ අය ඉන්නවා. ඔවුන් බොහොම හොඳින් ඒ ඒ චරිතවලට සාධාරණය ඉටු කරනවා. සමහරු කිසිම සැලකිල්ලක් නැතුව කැමරාව ඉදිරියේ පෙනි සිටිනවා.
ටෙලි නාට්‍ය රංගනයෙන් දුරස් වුණේ ඇයි?
එකම දේක. එක දිගට, එකම විදිහට වැඩ කරන්න ගියාම එපා වෙනවා. රූගත කරන්න මාස ගාණකට කලින් අපට කතාව කියනවා. නමුත් රූගත කරද්දි මැදින් වෙන වෙන කතා රිංගවනවා. මම එහෙම වැඩ කරන්න කැමැති නැහැ.
ඔබ රඟපෑමට පරිබාහිරව තව බොහෝ දේට දායක වුණා. තවමත් එහෙමද?
මම විලාසිතා නිරූපනය කළා. මැහුම් වැඩ කලා. විලාසිතා දැක්ම සංවිධාන කටයුතු කලා. ව්‍යාපාරයක් කළා. අදටත් මේවාට අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙනවා. ඒ කිසිම දේකින් ඉවත් වෙලා නැහැ.
චිත‍්‍රපටයක් නිෂ්පාදනය කරන්න කැමැති නැද්ද?
නිෂ්පාදනයක් කියන්නේ මහා විශාල අයෝජනයක්. ඒක සැහැල්ලූ දෙයක් නොවෙයි. මුදල් යහමින් තියෙන ව්‍යාපාරිකයන් පවා චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී පරිස්සම් වෙනවා. ඒක ලේසි වැඩක් නෙවෙයි.
නමුත් පසුගිය කාලයේද චිත‍්‍රපට නිෂ්පාදකවරු කිහිප දෙනෙක්ම බිහි වුණා නේද?
ඒ අය බැංකු ණය අරගෙන, චිත‍්‍රපට පෝලිම්වල අවුරුදු ගණන් දුක් විදිගෙන චිත‍්‍රපට නිෂ්පාදනය කළා තමයි. සමහරුන්ට හරි ගියා. සමහරු නැත්තටම නැති වුණා. සමහරු සල්ලි හොයන්න කියලා බොරු දේවල් කලා. කලාවත් අද රැකියාවක් නිසා මුදල් ඉපයීම වරදක් නොවෙයි. නමුත් ඒ ඉපැයීම හරියට නොකලොත් හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. පැවැත්මක් ඇති වෙන්නෙත් වැහැ.
ඔබට ජිවිතයේ තනිකමක් දැනෙන්නේ නැද්ද?
තනිකම දැනෙන අවස්ථා තියෙනවා. සමහරු තින්දු තීරණ ගන්නා ඕනෑ වුණාම කවුරු හරි හිටියා නම් ඒ ගැන උපදෙසක්වත් ගන්න කියලා හිතෙන අවස්ථා තියෙනවා. නමුත් මම කුඩා කාලයේ සිටම මගේ වැඩ තනියම කර ගන්න පුරුදු වුණා. ඒ නිසා තනිකම කියන දේ මට ලොකු ප‍්‍රශ්නයක් නොවෙයි. මගේ අක්කලා, අයියලා වැඩි වශයෙන් විදේශ ගතවයි ඉන්නේ. නමුත් ඒ අය මෙහේ එනවා. මම එහේ යනවා. ඉතිං පාළුවක් නැහැ.
රංගන ක්‍ෂේත‍්‍රයේ එකට වැඩ කළ ශිල්පින්, ශිල්පිනියන් සමඟ ඇසුරක් නැද්ද?
ඒඅ ය නිතර හමුවෙනවා. උත්සව, සාදවලින් ද හමුවෙනවා. වුවමනා එපාකම්වලදී යනවා, එනවා ලෙඩක් දුකක් වුණාම කතා කරනවා. හොයලා බලනවා. මිතුරු ඇසුර අඩුවක් නැහැ. අදත් එදා වගේම සුහදශිලිව, සතුටින් අපි ඉන්නවා.
සාකච්ඡා කලේ- තුෂාරි කළුබෝවිල
උපුටා ගැනීම- දිවයින මීවිත අතිරේකය
ඡායාරූප -සුජාතා ජයරත්න

No comments:

Post a Comment