Monday 1 July 2013

වැරදි ඉරියව්වලින් බර උස්සලා කොන්ද කඩාගන්න එපා!

මිනිස්සුන් වන අප කෑමක් කෑවත්, ඇඳුමක් ඇඟලා ගත්තත් හිස පීරුවත් පිළිවෙලකට කරන්න වුවමනාවක් තියෙනවා.
ඒත්...... බොහෝ විට ක්‍රියාකාරී කාර්යයක නිරත වන විට, අතුගෑම, ඇවිදීම හෝ බරක් ඔසවාගෙන යාම වැනි කටයුතුවලදී අපි එහි පිළිවෙල නිවැරදි ඉරියව්ව පසෙකට දමා කාලය ඉතිරිකර ගැනීම හා වැඩය අවසන් කරීම පමණක් ඉලක්ක කර ගනිමින් කටයුතු කරනවා.
එහි අනිටු ප්‍රතිඵලය දිගුකාලීන රෝගියකු වීම බව කවුරුවත් හිතන්නේ නෑ. මේ පිළිබඳ දැනුවත්ව සිටීම ලොකු කුඩා කොයි කාටත් ඉතා යහපත් කටයුත්තක් නිසාම, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය එච්. ජේ සුරවීර මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා.

එදිනෙදා කාර්ය බහුලත්වයත් සමඟ කාන්තා පිරිමි දෙපාර්ශවය තමන්ට නුසුදුසු තරම් බරක් එසවීම,
 සිරුරේ පේෂිවලට, ස්නායුවලට කොදු නාරටියට බලපෑමක් සිදුකරනවාද?

ඇත්තෙන්ම බලපෑමක් සිදු කරනවා. මිනිසුන් වශයෙන් ඒ ඒ වයස් මට්ටම් වලදී මෙපමණක් බරක් එසවීම සුදුසුයි මෙපමණක් බරක් එසවීම නුසුදුසුයි කියලා නියමයක් හෝ සංඛ්‍යාත්මක දත්ත සටහනක් හෝ නැත.

නමුත් අයෙක් කිසියම් බරක් එසවීමේදී නිවැරදි ඉරියව් භාවිතා කරන්න හිතන්නේ නැහැ.

කිසියම් වූ බරක් ඔසවා ගන්නට පෙර එය තමන්ට එසවීමට හැකිද නැද්ද යන්න පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. අද බොහෝවිට මව්වරු ළමයින්ගේ පොත් බෑගයත් තවත් බඩු මලු දෙක තුනකුත් ඔසවාගෙන යනවා.

සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ මාංශපේෂී පිළිබඳව තරමක් හෝ විමසිල්ලෙන් බැලුවොත් පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මාංශපේෂි ශක්තිමත් බවින් අඩුයි.

තමන්ට දරන්න අපහසු බරක් ඔසවා ගත් විට ඔවුන්ගේ මාංශපේෂි වල තෙරපීමක් ඇතිවෙනවා. පිරිමින්ගේ මාංශපේෂි කාන්තාවන්ට සාපේක්ෂව ශක්තිමත් වුවත් නිවැරදි ඉරියව් භාවිතා නොකර බරක් එසවූවොත් එය මාංශපේෂිවලට ස්නායුවලට පමණක් නොවෙයි අස්ථිවලටත් බලපෑමක් ඇතිකරනවා.

weight-lifting-1
බර එසවීමේදී අනුගමනය කළයුතු නිවැරදි ඉරියව් මොනවාද?

බොහෝ විට කම්කරුවන් ඇතුලු සාමාන්‍ය ගැහැණු පිරිමි කොයි කවුරුත් බරක් ඔසවා ගනිද්දී ඉදිරියට නැමිලා බර ඔසවා ගන්නවා. එහිදී සෘජුවම බර දරන්නේ ඇඟේ කොඳුනාරටියයි. කොඳු ඇට පෙළ, කෂේරුකාව මේ සෑම විදියකටම හඳුන්වන්නේ අපේ සිරුරේ අත්‍යවශ්‍යම අවයවයයි. ඉඳගැනීම හිට ගැනීම නිදාගැනීම, ඇවිදීම හෝ වෙනත් ඕනෑම ඉරියව්වක් නිසිපරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ (මිනිසාගේ පමණක් නොවෙයි සත්වයින්ගේ පවා) කොඳු ඇටපෙල ආධාරයෙනුයි.

එනිසා සෘජුව කෂේරුකාවට පීඩනයක් නොඑන පරිදි බර එසවිය යුත්තේ නිවැරදි ඉරියව් භාවිතා කරගෙනයි. ඉදිරියට නැමිලා බරක් එසවිය යුතු අවස්ථාවක මුලින්ම දණිස් දෙකින් නැමිලා දණහිස්වලට සහ පසුපසට ඇඟේ බර සමව බෙදා දියයුතු වෙනවා. ඉන් අනතුරුව බර එසවීමේදී මුළු බර එකවිට කෂේරුකා වෙත යාම වළකිනවා. දෑතට වුණත් බරක් දරන්න නම් සිරුරේ සෙසු මාංශපේෂීන්වල ක්‍රියාකාරිත්වයත් හොඳ සහායක් ලබාගත යුතු වෙනවා.

නින්දෙන් අවදි වුණ මොහොතේ වුණත් අපි එකවරම ඇඳෙන් බිමට බැහැලා හිටගත්තොත් සමබරතාවය බිඳීලා (කැරකිල්ල හැදිලා) ඇදෙගෙන වැටෙන්න බලනවා. ඒ නිසානේ නින්දෙන් අවදිවී මුලින් ඇඳේ ඉඳගෙන තත්පර කිහිපයකට පසුව සිටගත යුතුවන්නේ. බර එසවීමත් ඒ වගේ තමයි, තමන්ගේ සිරුරට බර වාරු නැති බව ඒත්තු යන විට ඒ බර පසෙකින් තැබීමටවත් උනන්දු වුවහොත් මාංශපේෂිවලට ස්නායුවලට අස්ථිවලට සිදුවන හානිය වලක්වා ගත හැකි වෙනවා.

weight-lifting-2

නිවැරදි ඉරියව් භාවිත නොකළොත් සිදුවන හානිය විස්තර කළොත්?

හිස්කබල පසුපස කෙළවර සිට පහලට කෂේරුකාව පිහිටා තිබෙන්නේ ඉ හැඩයකට. අත්දෙකට වැඩිබරක් ඔසවා ගත්විට මුලින්ම හිස පසුපස කොදුනාරටියේ ඉහල කෙළවරට පීඩනය ලැබෙනවා.
ඉදිරයට නැමිලා කෙලින්ම බරක් ඔසවා ගතහොත් කෂේරුකාවට දැඩි පීඩාවක් ලැබෙනවා
එලෙස සෘජුව කෂේරුකාවට අනවශ්‍ය පීඩාවක් ගෙන ආවොත්, කෂේරුකා අතර ඇති තරලය (ජෙල් එක) සියුම් පටක (ඹ්ඥඨඥපථඥදබ) ඉරාගෙන පිටතට එනවා. එවිට ජෙල් එකෙන් ස්නායුවලට තෙරපීමක් ඇති වෙනවා. ඇතැම්විට එහි අවසන් ප්‍රතිඵලය, ශල්‍යකර්මයක් විය හැකියි. දැන් දැන් වයස අවුරුදු 20ට වැඩි තරුණ කොටස් “ඕචජඬ නචඪද” නිසා ප්‍රතිකාර වෙත යොමුවන්නේ වැරදි ඉරියව් භාවිතය නිසා විය හැකියි. කෂේරුකාව හෝ මාංශපේෂිවල රෝගී තත්වයන් ඇතිවන්නේ නිවැරදි ඉරියව් භාවිතා නොකිරීමෙන් පමණක්ද? නැත. විවිධ හේතූන් නිසා කෂේරුකාවල හෝ මාංශපේෂිවල රෝග හටගැනීමේ ඉඩ තිබෙනවා.

ඒ අතරින් සාමාන්‍ය තත්වයක් ලෙස වයස් ගත වීමේදී අස්ථි දුර්වලතා මාංශපේෂි දුර්වලතා ඇතිවීම දැක්නට තිබෙනවා.

වයසට යාමේදී සිදුවන සාමාන්‍ය ක්‍රියාවලිය එය රෝගී තත්වයකට පත්වීම බර එසවීම හා සම්බන්ධ වන්නේ නෑ.
weight-lifting-3


මාංශපේෂි හෝ පටක හෝ ස්නායුවල රෝගී තත්වයක් ඇති වී ඇති බව හදුනා ගන්නේ කොහොමද?

බර එසවීමක් හෝ වැරදි ඉරියව් භාවිතයක් නිසා හටගන්නා රෝගී තත්වයකදී, කොඳු ඇට පෙල ආශ්‍රිත වේදනාවක් ඇති වෙනවා. අත් දෙකේ වැලමිට අසල හෝ උරහිස් සහ වැලමිට අතර මාංශපේෂිවල වේදනාවක් හට ගන්නවා. තත්වය තවදුරටත් වැඩි වී ඇත්නම්, වේදනාව සමඟ හිරිවැටීමක් පෙන්නුම් කරනවා.

නමුත් දින දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයකදී ඇතිවන වේදනාවක් හෝ හිරිවැටීමක් නම් එය දිගුකාලීනව බලපෑම් කරන්නේ නැතිවිමට ඉඩ තිබෙනවා. නමුත්, මාංශපේෂි, ස්නායු හෝ පටක තදින් හානියට ලක් වී ඇත්නම්, පළමු ප්‍රතිකාරවලදී ගන්නා වේදනා නාශක ඖෂධ මගින් තත්වය මඟ හැරී ගොස් ටික කලකින් යළි මතුවිමේ ඉඩක් පවතිනවා. එවිට දිගුකාලීනව ප්‍රතිකාර කළ යුතු වෙනවා.

ශල්‍යකර්මයක් දක්වායාම වළක්වා ගන්න නම් කළ යුත්තේ කුමක්ද?

ඉතාම සරලයි. මොන තරම් කාර්ය බහුල වුණත්, බරක් ඔසවාගෙන යාමේදී, බරක් ඔසවා ගැනීමේදී නිවැරදි ඉරියව් භාවිතා කරන්න. තනිව ඔසවාගත නොහැකි නම්, තවත් එක් අයෙකුගේ හෝ ආධාරයක් ලබා ගෙන මාංශපේෂි, පටක, ස්නායු අස්ථි සේම කොඳුඇටපෙළ රැකගන්න.

No comments:

Post a Comment