Monday 29 July 2013

බලසේනා, හාලිඇළට අවොත් හොඳා පාඩමක් උගන්නනවා -ඇමති ඩිලාන්

frcrt4 
බලසේනා, හාලිඇළට අවොත් හොඳා පාඩමක් උගන්නනවා -ඇමති ඩිලාන්
ආගම්වාදී බළ සේනා හාලිඇළට ආවොත් එදාට මෙහේ මිනිසුන්ගේ තරම පෙන්නන බව විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. මුස්ලිම්වරු සැමදා  සිංහලයින්  සමඟ සහෝදරත්වයෙන් සිටිනා බවත්,  හාලිඇළ කිසිදිනෙක ආගම්වාදයෙන් විනාශ කිරීමට තමා ඉඩ නොදෙන බවත් ඇමතිවරයා අවධාරණය කර සිටියි. ආගමට මුවාවී වීරයෙක් ලෙස චරිත ගොඩනංවා ගන්නවා වෙනුවට, ජාතිවාදියෙක් නොවී පිස්සෙක් වෙන එක හොඳ බව ද ඇමතිවරයා කියා සිටියි. හාලිඇළ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති මුස්ලිම් බැතිමතුන්ගේ ඉෆ්තාර් ආගමික උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේය.
තමන් කිසිම මොහොතක ජාතිවාදියෙක් නොවන බවත්, කවුරු කෙලෙස කීවද තමන් එදා සිටි ප්‍රතිපත්තියේම සිට මානුෂවාදියෙක් ලෙස කටයුතු කරන බවත් එහිදී පැවැසූ ඇමැතිවරයා, ආගමට මුවාවී බල සේනා පිහිටුවාගෙන ඇතැමුන් රට ගිනි තියන බවත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන්  බොදුබල සේනා වෙනුවෙන් දිලන්ත විතානගේ සිය ෆේස් බුක් අඩවියෙන් පිළිතුරු සපයා තිබුනේ මෙසේය…
Dilan..api badullata enakota oba koheda hitiye….yudde dinanna baha kiyapu oba e gana ada mokada kiyanne….kondak thiyenwanam…molayak thiyenawanam….madaperadiga kantha sanhara amathi kama wenuwata me rate e kanthawanta pawul walata gaurawneeyawa inna wadapiliwelak hadanna…api halielata enna baya naha. Eth api rasweem sanwidanaya karanne ape agenda ekata misa eka eka pisso kiyana katha walata pilithuru lesa nowe.
ඩිලාන්…අපි බදුල්ලට එනකොට ඔබ කොහෙද හිටියේ… යුද්දෙ දිනන්න බැහැ කියපු ඔබ ඒ ගැන අද මොකද කියන්නේ කොන්දක් තියෙනවනම්… මොලයක් තියෙනවනම්…මැද පෙරදිග කාන්තා සංහාර ඇමැතිකම වෙනුවට මේ රටේ ඒ කාන්තාවන්ට පවුල්වලට ගෞරවනීයව ඉන්න වැඩපිළිවෙලක් හදන්න…අපි හාලිඇලට එන්න බය නැ. ඒත් අපි රැස්වීම් සංවිධානය කරන්නේ අපේ ඇඡෙන්ඩා එකට මිසක් එක එක පිස්සෝ කියන කතා වලට පිළිතුරු ලෙස නොවේ.

No comments:

Post a Comment