Monday 29 July 2013

දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්, ඇමතිවරයෙක්, ශ්‍රීලනීපයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් එජාපය සමග එක්වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ පවුලේ කටයුතු පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස විවේචනය කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුවට ගත්තේ වයඹ පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුව ලබන පරාජය වළක්වා ගැනීමට බව එජාප මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහතා පවසයි.
එසේ නොවන්නට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට හොඳ ඇමතිකමක් දීමට හැකියාව තිබූ බවද හෙතෙම පෙන්වාදෙයි. ‍
දයාසිරි ජයසේකර මහතාට දැන් අභියෝගය වී ඇත්තේ එජාපයෙන්ම ගිය කුරුණෑගල ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි අය බවද ඔහු කියයි.
කොළඹදී අද (28) පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවේ ඇතැම් බලගතු ඇමතිවරුන්ගේ පුතුන්ට නාම යෝජනා නොදී ඇති බවත් එසේම දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්, ඇමතිවරයෙක්, ශ්‍රීලනීපයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් එජාපය සමග එක්වීමට නියමිත බවද ඔහු පැවසීය.
එහෙත් කුඩු රජවරු, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වැනි අය, ගුරුවරුන් දණ ගැස්වූ අය එජාපයට නොගන්නා බවද ජෝසප් මයිකල් පෙරේරා මහතා කීවේය.
මෙවර මැතිවරණයේදී ආණ්ඩුවට මධ්‍යම පළාත් සභාවවත් දිනා ගැනීමට නොහැකි බැවින් එජාපයේ මන්ත්‍රීවරුන් අරගෙන රටේ ප්‍රශ්න වසා දමා ජනතා මුදල් නාස්ති කරමින් මැතිවරණ පවත්වන බවට ඔහු එහිදී චෝදනා කළේය.
කෝප් වාර්තාවෙන් මිහින් ලංකා, එයාර් ලංකා, විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව පාඩු ලබන බව පැහැදිලිව පෙන්වාදී ඇති බවද හෙතෙම කීවේය.

No comments:

Post a Comment