Monday 29 July 2013

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා අතර ගැටුම්

දිස්ත්‍රික්ක තුනක ගැටුම් උග්‍රවන ලකුණු
මධ්‍යම පළාත් සභා මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් දෙදෙනෙකු ගේ ආධාරකරුවන් අතර මාතලේ නාවුල ප්‍රදේශයේ දී ගැටුමක් ඇතිවිය.
ඊයේ (28 ) රාත්‍රි 7.45 ට පමණ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්ගේ ආධාරකරුවන් සහ අපේක්ෂක තිලක් බණ්ඩාරගේ ආධාරකරුවන් අතර ඇතිවු මෙම ගැටුමෙන් අපෙක්ෂකයින්ගේ වාහන කිහිපයකට ද අලාභ හානි සිදුව තිබේ.
මෙය පළාත් සභා මැතිවරණය කැදවීමෙන් පසු වාර්තා වු දෙවන ප්‍රචණ්ඩ ක්‍රියාව වන අතර මෙවර පුර්ව නාමයෝජනා ක්‍රියාවලිය තුළ වාර්තා වු බරපතලම සිදුවීමයි.ප්‍රමිත බංඩාර තෙන්නකෝන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත්‍රයා වන අතර තිලක් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ සමීපතම ආධාරකරුවෙකි.
මාතලේ දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණ වලදී ද අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා අතර ගැටුම් වාර්තා වු අතර එහි දිගුවක් ලෙස මෙම ගැටුම හැදින්විය හැකි බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි.මෙම කණ්ඩායම් දෙක අතර පසුගිය වසර තුනක කාලයේ දී දිගින් දිගට ගැටුම් සිදුවිය.
මාතලේ දිස්ත්‍රික්ක්‍ය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාව මෙවර එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ගැටුම් උග්‍රවිය හැකි බව කැෆේ සංවිධානය මෙයට පෙර අවධාරණය කළ කරුණකි.
පසුගියදා (27 ) මැතිවරණ නිරීක්ෂණ කටයුතු අරඹමින් කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවේදී කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කලේ මෙවර මාතලේ , කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ගැටුම් උග්‍ර විය හැකි බවයි.
නාම යොජනා භාරදීමේ අවසන් දිනයේදී බලය ප්‍රදර්ශණය කිරීම සදහා මෙම කණ්ඩායම් දෙක දැවැන්ත නීතිවිරෝධී මැතිවරවණ පෙරහැර දෙකක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම නීති විරෝධී පෙළපාලි වලදී මෙවැනි ගැටුම් වර්ධනය විය හැකි බව කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

No comments:

Post a Comment