Monday 29 July 2013

කැළණියේ කුමන්ත්‍රණයක් - අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.

කැළණිය නොමැතිව තමාට වෙන කොහේ හෝ තැනක දේශපාලනය සිදු කිරීමට ලැබුණොත් තමා එතැන දේශපාලනය නොකරන බව මහජන සමබන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය අචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පල කර සිටියේ ඊයේ ( 27) ලුණුගම්වෙහෙර පැවති රැස්වීමකට එක් වෙමින්ය.එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සමහර උදවිය තමාට දඩුවම් නොදන්නේ ඇයි කියා ප්‍රශ්න කරන බවයි.සමහරවිට තමා මහා විජයබාහු පරම්පරාවෙන් පැවතෙන නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට දඩුවම් නොදෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

තමාට දඩුවම් ලබා දීමට තමන් ස්ත්‍රී දුෂණ කර තිබෙනවාද ?මංකොල්ලකෑම් කර තිබෙනවාද ?කප්පම් අරගෙන තිබෙනවාද ?ඉඩමක් බලෙන් අරගෙන තිබෙනවාද ? යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා.පුංචි වරදක් කළහොත් තමාට පොඩි දඩුවම් ලැබී ඇති බව පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට කැලණියේ ප්‍රශ්නක් මතුවෙමින් පවතින බවයි.එය තමාගේ ප්‍රශ්නයක් නොවන බවත් එය කුමන්ත්‍රණයක් බවත් තමාගේ ලේකම්වරයා මිනිමරුමකට සම්බන්ධ යැයි පැවසුවත් එතුමා නිදහස් වී ඇති අතර තමා එයින් ඉල්ලා අස්වුණ බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

No comments:

Post a Comment