Monday 29 July 2013

සේමිණි ඉද්දමල්ගොඩ ගණිකා වෘත්තියේ යෙදෙන බවට දැන්වීමක්

ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩගේ අන්තර්ජාල වබේ අඩවියට අනවසරයෙන් ඇතුළු වී පැකේජ් ක්‍රමයට ගණිකා වෘත්තියේ යෙදෙන බවට දැන්වීමක් පළ කරන ලද සැකකරුවකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ලබන බව ඊයේ (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ හෙළි කළේය.
තම අන්තර්ජාල වබේ අඩවියට අයුතු ලෙස අනවසරයෙන් ඇතුළු වූ අයකු තම අපහැදිලි මුහුණ සහිත සේයාරුවක් ඇතුළු කොට පැකේජ් ක්‍රමයට තමන් ගණිකා වෘත්තියේ යෙදෙන බවටත් තවත් නවක නිළියන් කිහිප දෙනකුද මේ සඳහා යොදවා ගෙන ඇති බවටත් සඳහන් කරමින් දැන්වීමක් පළකර ඇතැයි පැමිණිලිකාරිය රහස් ‍පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබිණ.
මෙම සිද්ධියට අදාළව රහස් ‍පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කොට තිබුණේ නො. 220/14 මාදින්නාගොඩ,රාජගිරියෙහි පදිංචි සෙව්මිනී දිනූෂා පළිහවඩන ඉද්දමල්ගොඩ නම් ජනප්‍රිය නිළියයි.
තමන්ගේ ස්වාමිපුරුෂයා ආරක්ෂක අංශයට සම්බන්ධ අයකු වන අතර ඔහු සමග සම්බන්ධ වී පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යනු ලබන තමන් එහි අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කරන බව සඳහන් කර ඇති පැමිණිලිකාරිය මේ සිදුවීමෙන් තමන් දැඩි මානසික පීඩාවකට ලක් වී ඇතැයි පැමිණිල්‍ලේ සඳහන් කර ඇත.
මෙම සිද්ධිය හේතුවෙන් තම පවුල් ජීවිතයට විශාල ප්‍රශ්නයක් ඇති වී ඇති අතර තමන් විශාල මානසික ආතතියකටද ලක් වී ඇති බවද සඳහන් කර ඇති පැමිණිලිකාරිය තමන් මේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය දොස්තර නීල් ප්‍රනාන්දු මහතාගෙන්ද ප්‍රතිකාර ලබා ගත් බවද සඳහන් කර ඇත.
මේ තැනැත්තිය අදාළ සිදුවීම හේතුවෙන් මානසික ව්‍යාකූලතාවයෙන් පෙළීම නිසා ආතතියට ලක්ව ඇතැයි සඳහන් කරමින් විශේෂඥ මනෝ වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මේ සිද්ධියට අදාළ සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තා කරන ලෙස රහස් ‍පොලිසියට නියම කළේය.

No comments:

Post a Comment