Thursday 25 July 2013

ජාවා හි මුහුදුබත් වූ බෝට්ටුවේ ශ්‍රී ලාංකිකයින්


Boat 410px 13 07 19ඉන්දුනීසියාවේ ජාවා දුපතට යාබදව සරණාගතයින් ඔස්ට්‍රේලියාව කරා රැගෙන යමින් තිබු බෝට්ටුවක් මුහුදු බත් වී තිබේ.
එකසිය පනස් හත් දෙනෙක් බෝට් ටුවේ ගමන් ගනිමින් සිටි අතර මරණ හතරක් වාර්තා වී ඇත. මිය ගිය අය අතර ළමුන් දෙදෙනෙක් ද සිටිති.
තවත් පිරිසක් අතුරුදහන් වී ඇති බව සැක කෙරේ.
පෙරේදා රාත්‍රීයේ මුහුදුබත් වූ මේ බෝට්ටුවේ ගමන් ගත් පිරිස තමන් ශ්‍රී ලංකාව, ඉරාකය ,ඉරානය සහ සිරියාවෙන් පැමිණි බව කියා සිටිති.
මේ අතරවාරේ ඔස්ට්‍රේලියාව කරා පැමිණෙන සරණාගතයින් පැ පුවා නිව් ගිනියාවේ පදිංචි කරවීම පිළිබඳව රට තුළ විවාදාත්මක තත්වයක් හට ගෙන ඇත.
පැපුවා නිව් ගිනියාවේ පදිංචි කරන ලද සරණාගතයින් හට හිංසා කිරීම පිළිබඳව වාර්තා වී ඇති අතර මේ පිළිබඳව සොයා බලන බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව කියා සිටී.
-බිබිසි සංදේශය

No comments:

Post a Comment