Thursday 25 July 2013

දයාසිරිට තිබුනේ තවත් ඉවසන්නයි – සජිත්

හිටපු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ඉක්මන් වූවා වැඩි බවත් ඔහුට තවත් ඉවසීමට තිබූ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් පේ‍්‍රමදාස මහතා මේ බව සඳහන් කළේය.
‘දේශපාලනය තුළ ඉවසලා තමයි ගමනක් තිබෙන්නේ. ඉවසලා විඳ දරාගැනීම් තුළින් යන ගමන තමයි සාර්ථක. එක්සත් ජාතික පක්ෂය තුළ ඔහුට හොඳ අනාගතයක් තිබුනා’ යැයි ද පේ‍්‍රමදාස මහතා කීවේය.

No comments:

Post a Comment