Tuesday 23 July 2013

පබාලාගේ සුනඛ සෙල්ලං

embark.-1ඔඩෙල් විලාසිතාගාර අධිපතිනිය ඔටාරා ගුණවර්ධන මහත්මියගේ සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස කෙරෙන වීදි සුනඛයන් හදා වඩා ගැනීම ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළේ එක් අංගයක් ලෙස පසුගිය 21 වන දින සුනඛ සැනකෙළියක් පැවැත්විනි.
මෙසේ වීදි සුනඛයින් හදා වඩා ගන්නන් සමග එක්ව ඔඩෙල් පසුගිය ඉරිදා කොළඹ CH&FC ක්‍රීඩාංගනයේදී Street Pooch Pawty නැමති වැඩසටහන පැවැත්වූ අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලී, ජනපති පුත් රෝහිත රාජපක්ෂ, ජනප්‍රිය බොලිවුඩ් නිළි පූජා උමාශංකර් ඇතුලු දෙස් විදෙස් අමුත්තන් රසක්ද සහභාගී වී සිටියහ.
මෙහිදී, මෙම වීදි සුනඛයින්ට මෙන්ම ඔවුන්ගේ අයිතිකරුවන්ට සහභාගී විය හැකි විනෝද ක්‍රීඩා රැසක්ම පැවති අතර බොහෝ දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු දකින්නට ලැබුණි. එසේ වීදි සුනඛයින් ඇති දැඩි කිරීමට පෙළඹෙන කරුණාවන්ත පිරිස හැඳින්වීමට ඔවුන් Pashionable People යන නම භාවිතා කරයි.


No comments:

Post a Comment