Monday 29 July 2013

එක්‌සත් ජාතික පක්‍ෂ මධ්‍යම පළාත් මහ ඇමැති සුප්පයියා සතාසිවම්




ලංකා කම්කරු එක්‌සත් පෙරමුණ මහ ලේකම් සුප්පයියා සතාසිවම් මහතා එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මධ්‍යම පළාත් මහ ඇමැති අපේක්‍ෂක ධුරය ඉල්ලා සිටීමට යයි.

පෙරේදා (28 දා) නුවරඑළියේදී පැවැති ලංකා කම්කරු එක්‌සත් පෙරමුණ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී මෙම තීරණයට එළඹි බව නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතනයේදී පෙරේදා (28 දා) සවස පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සුප්පයියා සතාසිවම් මහතා එසේ ප්‍රකාශ කළේය.

මෙවර පළාත් සභා මැතිවරණයේදී නුවරඑළිය දිස්‌තික්‌කයට එක්‌සත් ජාතික පක්‍ෂ කණ්‌ඩායමක්‌ ඉදිරිපත්වීමට එකඟත්වයක්‌ පවතින හෙයින් කෘත්‍යාධිකාරි මණ්‌ඩලය මෙම තීරණයට එළඹුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ග්‍රාමෝදය සභාපතිවරයකු වශයෙන් නුවරඑළිය මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති, වැඩ බලන නගරාධිපති, පළාත් සභා මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තමාට විශේෂ පළපුරුද්දක්‌ තිබෙන බවත් එක්‌සත් ජාතික පක්‍ෂය හා එක්‌ව දීර්ඝ කාලයක්‌ කටයුතු කළ පුද්ගලයකු වශයෙන්ද මෙම ඉල්ලීම එක්‌සත් ජාතික පක්‍ෂ නායකයාගෙන් කරන බව සතාසිවම් මහතා සඳහන් කළේය.

මෙම පුවත්පත් සාකච්ඡාවට ලංකා කම්කරු එක්‌සත් පෙරමුණ භාණ්‌ඩාගාරික වී. ධර්මලිංගම්, නියෝජ්‍ය මහ ලේකම් ආර්. සලෝබරන් යන මහත්වරුද සහභාගි වූහ.
 



No comments:

Post a Comment