Tuesday 23 July 2013

වත්මන් රජයේ පාලනය තුළ ජනතාවගෙන් බදු පිට බදු ගැනීම, දඩ ගැසීම

පසුගිය මාස හයේදී ඩෙංගු මර්දන වැඩපිළිවෙළ යටතේ දිවයිනපුරා සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් සිදුකරන ලද හදිසි වැඩටලීම් වලදී, ඩෙංගු මදුරු කීට පවත්වාගෙන ගිය ස්ථානවල පුද්ගලයන් 5,971 දෙනකුට නඩු පවරා එම ජනතාවගෙන් දඩ ලෙස රජයට අයකරගෙන ඇති මුදල රුපියල් විසිහය කෝටි අටලක්‍ෂ හැටනවදහසක් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ යටතේ ඩෙංගු බෝවිය හැකි ස්ථාන පිළිබඳ පුද්ගලයන් විසිතුන්දහස් දෙසියතිස්හය දෙනකුට රතු නිවේදන නිකුත්කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඩෙංගු මර්දන ව්‍යාපාරයේදී මහජනයාට විරුද්ධව නඩු පැවැරීම, දඩ ගැසීම වෙනුවට මානුෂික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් පර්යේෂණ කීපයක් දැනටමත් පවත්වාගෙන යන බවත් ඒවායේ සාර්ථකත්වය මත එම විකල්ප ක්‍රමවේද ඉදිරියේදී මහජනයාට හඳුන්වාදෙන බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පැවැසීය.
කෙසේවෙතත් වත්මන් රාජපක්ෂ රජයේ පාලනය තුළ ජනතාවගෙන් බදු පිට බදු ගැනීම, දඩ ගැසීම ඉතා නින්දිත අයුරින් ජයටම කෙරීගෙන අය අතර, ජල, විදුලි, දුරකථන බිල්පත් ගෙවීමේදී සිදුවන ප්‍රමාදයකදී පවා අකුරට ක්‍රියාත්මක වෙමින් ජනතාවගේ එම සේවා විසන්ධිකො

No comments:

Post a Comment