Monday 29 July 2013

ගණිකා සේවයේ යෙදී ටෙලිනාට්‍ය නිළි ස්‌වර්ණා රත්නායක

swarna-rathnayakaටෙලිනාට්‍ය නිළියක වන ස්‌වර්ණා රත්නායකට පසුගිය කාලේ නිතර නිතර කඩුවෙල උසාවියට යන්න සිදු වුණා. හේතුව තමයි ඇයට එරෙහිව කඩුවෙල උසාවියේ විභාග වන ගණිකා සේවයේ යෙදී සිටීමේදී හසුවීම යන වරදට නඩුවක්‌ පැවරී තිබීම. මේ පිළිබඳව ඇය සති අන්ත පුවත්පතකට පැවසූ දේ.
මගේ නඩුවෙන් මාව නිදොස්‌කොට නිදහස්‌ කළා. ඇත්තටම මම නොකළ වරදකට තමයි නිකරුණේ කාගෙ හරි උවමනාවකට මාව අහුවුණේ.

සඳ රේඛා කියල ඔය පුංචි පුංචි කෑලිවලට රගපාපු කෙනෙක්‌ හිටියා. අපිත් එයාව දන්නවා. එයා දවසක්‌ කතා කරල කිව්වා රට ඉඳන් ආව කෙනෙක්‌ගේ ගෙදරක පාටියක්‌ තියෙනවා. ආර්ටීස්‌ලාට ගොඩක්‌ කැමතියි. ඒකට යමු කියලා. එදා දමයන්ති කියල මගේ යාළුවෙක්‌වත් අරගෙන ඊට පස්‌සේ ඒ වාහනයෙන් අපේ ගෙදරින් මාවත් දාගෙන ගියා. මගදී ඇහුවා ඔයාල බොනවද කියලා. අපි කිව්වා නැහැ කියලා.

ඊට පස්‌සේ වාහනේ හිටිය කෙනෙක්‌ මගදී බොන්න ගන්න ඕන කියල බැහැල ගියා. එතකොට තමයි පොලිසියෙන් කියල අපේ වාහනේ වට කළේ. උඹල ගණිකාවෝ. තොපි රුපියල් පන්දාහකටත් මිනිස්‌සුත් එක්‌ක යනවා කියලා බොහොම පහත් විදිහට අපිට කතා කළා. අපිට මුකුත් හිතා ගන්නවත් බැහැ. අපේ ෆොන් දෙකත් අරගත්තා. පොලිසියට අරගෙන ගිහින් කිව්වා තව නිළියෝ ඉන්නවා නම් ගෙනත් දීපල්ල එතකොට උඹලව නිදහස්‌ කරන්නම් කියලා. ඇත්තටම මේ පාටියට අපිත් එක්‌ක තව යන්න අය හිටියා. ඒත් මම කිව්වා මම කවදාවත් එහෙම කාවවත් බොරුවට අමාරුවේ දමන ජාතියේ ගෑනියෙක්‌ නෙමෙයි කියලා. ඊට පස්‌සේ මගේ ලෝයර්ගේ මාර්ගයෙන් මම ගෙදර ආවා.
swarna-rathnayaka-1
පස්‌සේ දවසක මට පොලිසියේ කෙනෙක්‌ කතා කරල කිව්වා ගණිකා සේවයේ යෙදීමේ වරදට කඩුවෙල උසාවියේ නඩුවක්‌ ෆයිල් කළා කියලා. ඒ වෙනකොට මාධ්‍යවලටත් දීල මට පාරේ බැහැල යන්න බැරිතැනක තමයි හිටියේ. මගේ පවුල් ජීවිතේ කැඩිලා ගියා. ජීවිතේ විනාශ වුණා. වෙන්න තියෙන හැමදේම වුණා. ලැඡ්ජාවට තවම මම කිසිම නාට්‍යයක වැඩකට ගියේ නැහැ.
පසුගිය දවසක මාව කඩුවෙල උසාවියේදී නිදොස්‌ කොට නිදහස්‌ කළා. ඇත්තටම මම වරදක්‌ කළේ නැහැ. මාව කා එක්‌ක වත් හෝටලයක කාමරයක ඉඳලවත් අල්ල ගත්ත කියලා ඒ අයට ඔප්පු කරන්න බැරි වුණා. එදා මම ගැන බොරු චෝදනා ලොකුවට දාපු අය අද මාව නිදොස්‌ කොට නිදහස්‌ කළාම ඒවා දාන්නේ ඉතාම පොඩියට. මට මීට වඩා දෙයක්‌ ඒ අයට කරන්න බැරිවුණා. කවදාහරි ඇත්ත ජයගන්නවා කියන්නේ ඒකයි.(noc)


කෙසේ නමුත් ස්වර්ණා රත්නායකට මීට පෙර ව්‍යාජ රන්මාලයක උකස් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබ මිනුවන්ගොඩ මහේස්ත්‍රත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. එම සිද්ධියේදී ඇගේ රුව සහිත ජාතික හැඳුනුම් පත් 4ක්ද පොලීසිය විසින් සොයා ගත්තේය.

No comments:

Post a Comment