Monday 29 July 2013

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණ නම් දීම හෙට




උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්‍ෂ හෙට (31 වැනිදා) නාමයෝජනා භාරදීමට නියමිතය.

මේ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු පක්‍ෂ කිහිපයක්‌ හෙට පෙරවරුවේ අදාළ දිස්‌ත්‍රික්‌ තේරීම්භාර නිලධාරි කාර්යාලවලදී සිය නාමයෝජනා පත්‍ර භාරදෙනු ඇත.

පක්‍ෂ ලේකම්වරු සහ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායකයෝ නාම යෝජනා භාරදීමේ අවස්‌ථාවට එක්‌වෙති.

පක්‍ෂවල නාමයෝජනා පත්‍රවලට අපේක්‍ෂකයන්ගෙන් අත්සන් ලබාගැනීම අද දිනය තුළ අවසන් කෙරෙනු ඇත.

දෙමළ ජාතික සන්ධානය ඊයේ උතුර පළාතේ දිස්‌ත්‍රික්‌ පහ සඳහාම නාම යෝජනා පත්‍ර භාරදෙනු ලැබීය. නාම යෝජනා භාර ගැනීම අනිද්දා (01 දා) මධ්‍යහ්න 12 ට අවසන් වේ.
 

අනුර බාලසූරිය - රනිල් ධර්මසේන

No comments:

Post a Comment