Tuesday 23 July 2013

1983 ජූලි කලබලය 02

එච්. ජී. රාජතිලක, කේ. පී. කරුණාරත්න, ජී. ආර්. පෙරේරා, එන්. එA. එස්‌. මනතුංග, එස්‌. අයි. තිලකරත්න, ජී. ඩී. පෙරේරා, එA. ඡේ. විඡේසිරි, එස්‌. එස්‌. අමරසිංහ, බී. එන්. ඩී. මනම්පිටිය, එම්. ඩී. සුනිල්, ජී. රොබට්‌ සහ එA. ඡේ. ආර්. ප්‍රනාන්දු යන සෙබළු කොටින්ගේ ප්‍රහාරයට ලක්‌ විය.

එවකට මෙරට රාජ්‍ය නායකයා ලෙස ඡේ. ආර්. ජයවර්ධන කටයුතු කළේය. රජයට අවශ්‍ය වූයේ එම සෙබළුන්ගේ සිරුරු බොරැල්ලේ කනත්තට ගෙන ගොස්‌ විගස ආදාහනය කිරීමයි.

හොරණ, කැප්පෙටිපොල, කඩුවෙල, පනාගොඩ, පොල්ගහවෙල, බණ්‌ඩාරගම, බත්තරමුල්ල, කෑගල්ල, ගනේමුල්ල, ගලගෙදර, නාවලපිටිය, අගලවත්ත සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වූ මේ සෙබළුන්ගේ සිරුරු ඔවුන්ගේ ගම්වලට ගෙනගියහොත් කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවනු ඇතැයි ජයවර්ධන පාලනය විශ්වාස කළේය.

1983 ජුලි 24 වැනිදා සවස්‌ යාමයේ සෙබළුන්ගේ සිරුරු කොළඹ කනත්ත වෙත ගෙන එනු ලැබුවේ දැඩි රැකවල් මැදය. එවකට කොළඹ ප්‍රදේශය භාරව සිටි සද්දන්ත පොලිස්‌ නිලධාරියකු වූ එA. සී. ගපූර්ට කනත්ත අවට ආරක්‍ෂක කටයුතු පවරා තිබිණි.

මෙම සෙබළුන්ගේ සිරුරු තම ගම්වලට ගෙන යැමට පවා ජයවර්ධන පාලනය ඉඩ දුන්නේ නැත. එදා වසර 30 කට පෙර සිදුවූ මේ ක්‍රියාදාමය පිළිබඳව විවිධ පාර්ශ්ව අතීතය වසන් කර අලුත් අතීතයක්‌ මවා පා තිබේ. සෙබළුන් වෙනුවෙන් ජයවර්ධන පාලනය පාංශකූලය පවා දීම ද තහනම් කළේය.

මේ තත්ත්වය මැද පොලිසිය කනත්තට ඇදී එන ජනතාව වළක්‌වාලීමට උත්සාහ කළේය. එහි ප්‍රතිඵලය වූයේ ජනතාවගේ කෝපය උස්‌සන්න වීමයි. 

කීර්ති වර්ණකුලසූරිය

No comments:

Post a Comment