Monday 29 July 2013

දයාසිරි බල්ටිය ගැහුවේ කෝටි 25ක් අරගෙන.....මගේ ඔළුවේ අත තියලා දිව්රුව, ආණ්ඩුවට යන්නේ නෑ කියලා

දේශපාලනය මේ තරම් විකුණන්න පුළුවන්ද කියලාත් හිතෙනවා. මොකද දයාසිරි මගේ ඔළුවේ අත තියලා දිව්රුව, ආණ්ඩුවට යන්නේ නෑ කියලා. මම මාධ්‍ය ඉදිරියට ගිහින් කිව්වෙත් එතුමා යන්නේ නැහැයි "කියලා" යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ වගේ දේශපාලනඥයෙක් ලැබෙන එක
වයඹ ජනතාවට බුදුසරණයි. දෙවිපිහිටයි කියලා තමයි කියන්න වෙන්නේ. එතුමා 1997දී පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට වැඩිම ඡන්දෙන් පත් වුණා. ඊට පස්සේ 2004 ඡන්දේදි පස්වැනියා වෙලා නැට්ටේ එල්ලිලා පාර්ලිමේන්තුවට ආවා. ඊට පස්සේ මනාප 1,32,000ක් ගත්තා. එයාට පාර පෙන්නුවේ එක්සත් ජාතික පක්ෂය. හරින් ප්‍රනාන්දු මහතා මේ අදහස් දැක්වූයේ පසුගියදා (24දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති එජාප මාධ්‍ය සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා -
ඒත් එතුමා පාර්ලිමේන්තුවේ අවසන් කතාවේදී එජාපයට ගැහැව්වා. කතා කළේ මාධ්‍යයටයි. මීට පෙර මං එතුමාව ආදර්ශයට ගත්තා. ඒත් එතුමාගේ අවසන් රංගනය මම අනුමත කරන්නේවත්, පිළිගන්නේවත් නෑ.

දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවට වැඳලා ගෙදර ගියොත් හොඳයි. එතුමාට ජීවිතය තියෙනකන් ආයෙත් පාර්ලිමේන්තු එන්න ලැබෙන එකක් නෑ. එතුමා දේශපාලනික වශයෙන් සිය දිවි නසා ගත්තා. මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉගෙන ගන්න දෙයක් දයාසිරිට තිබුණා. පක්ෂයේ මොන කැපිලි කෙටිලි ආවත් සටන අත් නොහැර ඉදිරියට යන්න. අනික ආණ්ඩුවට මහ ඇමැති කෙනෙක් තෝරගන්න බැරි එකට ලැජ්ජයි. අපි හිතනවා කෝටි 25 - 30ක් අරන් තමයි ඔය බල්ටි ගහලා තියෙන්නේ. පනින්න හිටියේ අද ඊයේ නෙවෙයි. දැන්මම වයඹ පෝස්ටර් ගහලාලු "වයඹට සිරි - දයාසිරි" කියලා. අපිට කියන්න තියෙන්නේ "අම්මට සිරි - දායාසිරි" ඔබට නිවන් සුව අත්වේවා යැයි හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය. දයාසිරි මුදල් රැගෙන ආණ්ඩුවට පැමිණි බව දයා ගමගේ මහතාද ප්‍රකාශ කර තිබුණි.

No comments:

Post a Comment