Monday 29 July 2013

දකුණේ මහ ඇමති ධුරය සඳහා තමන් ද ආණ්ඩුවට එක්වීමට සුදානම්

දකුණේ මහ ඇමති ධුරය සඳහා තමන් ද ආණ්ඩුවට එක්වීමට සුදානම් වන බවට ඇතැමුන් සැක පල කරන බව එක්සත් ජාතික පක්‍ෂ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

තමන් පක්‍ෂය හැරදා නොයන බවට ලෙයින්
සහතික දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැක ඇති කර නොගන්නා ලෙස මාතර පැවති උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් එජාපයේ අනෙක් මන්ත‍්‍රිවරුන් පක්‍ෂය හැර දා ගිය ආකාරයට වඩා වැදගත් ලෙස දයාසිරි ජයසේකර මහතා පක්‍ෂය හැර ගිය බවත් පැවසූ ඔහු ජයසේකර මහතා එජාපයේ මන්ත‍්‍රී ධුරය යළි එජාපයටම දී යාම නිසා තමන් ඔහුට ගරු කරන්නේ යයිද කීවේය.

තමන් ද පක්‍ෂය හැර යන්නේ නම් ඇතැමුන් ඊට කැමැත්තෙන් සිටින බවද පැවසූ බුද්ධික පතිරණ මහතා ඒ සඳහා කටකතා නිර්මණය කරමින් සිටින්නේ යයිද කීවේය.

No comments:

Post a Comment