Monday 22 July 2013

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් මුදල් වංචාවක

පෞද්ගලික රෝහල්වල චැනල් සේවයේ යෙදෙන ඇතැම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන මව්වරුන් සියලුම දෙනා පැප් පරීක්ෂාවට ලක් කරමින් ඒ සඳහා අය කරගන්නා මුදල මෙන් දහඅට ගුණයක මුදලක් අය කරගන්නා බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පෞද්ගලික රෝහලකින් පැප් පරීක්ෂාව සිදුකර ගැනීම සඳහා අයකර ගන්නේ රුපියල් 1500ක මුදලක් නමුත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් යටතේ චැනල් සේවයට පැමිණෙන එක් ගැබිනි මවකගෙන් රුපියල් 27,000ක මුදලක් අයකර ගන්නා බව මෙහිදී හෙළි වී ඇත.
ඇතැම් රෝහල්වල පැප් පරීක්ෂාවක් සඳහා රුපියල් 1500ක මුදලක් අය කර ගනු ලබන්නේ රුපියල් 1000ක් වෛද්‍යවරයාගේ ගාස්තුව හා රුපියල් 500ක් රෝහල් ගාස්තුව වශයෙනි.
එහෙත් ඇතැම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් රුපියල් 27000ක් අය කර ගනු ලබන්නේ එම පරීක්ෂාව ඔවුන් තනිවම සිදු කර පරීක්ෂණ වාර්තාව එම රෝහලින් ලබා ගැනීමේ ක්‍රමවේදය යටතේ බව පැවසේ.
රෝගියා එම මුදල රෝහලට ගෙවීමේදී බිල්පතට අදාළ මුදල එක්කර බිල්පත නිකුත් කෙරේ. ඇතැම් ගැබිනි කාන්තාවන් හෝ විවාහක කාන්තාවන් මෙම පැප් පරීක්ෂාව නැවත වරක් පරීක්ෂා කිරීමේදී ඇතැම් වෛද්‍යවරුන් රුපියල් 1500ක මුදලක් අය කර ගත් බැවින් එය වංචාවක් බවට අනාවරණය කරගෙන ඇති බවත් එවැනි සිද්ධීන් පිළිබඳව මේ වන විට පෞද්ගලික රෝහල්වලට පැමිණිලි ලැබෙන බවත් අනාවරණය වේ.
ගර්භාෂය තුළ පිළිකා හෝ ගෙඩි ඇත්දැයි කල්තියා දැන ගැනීමට පැප් පරීක්ෂණය සිදු කළද ගැබිනි මව්වරුන්ට පැප් පරීක්ෂණය අත්‍යවශ්‍ය නොවන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසීය.
එහෙත් ඇතැම් වෛද්‍ය විශේෂඥයන් ගැබිනි මව්වරුන්ගේ ගර්භාෂය තුළ පිළිකා හෝ ගෙඩි ඇත්දැයි දැන ගැනීම අනිවාර්ය බව පවසා එසේ පැප් පරීක්ෂාවට ගැබිනි මව්වරුන් යොමු කරන බවද හෙතෙම සඳහන් කළේය.
හර්ෂණී වීරරත්න

No comments:

Post a Comment