Thursday 25 July 2013

ක්‍රිකට් ආයතනය අම්ලා ඇතුළු 5ක් අමාරුවේ දාලා

ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනය දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු හෂීම් අම්ලා ඇතුළු එම පිලේ ක්‍රීඩකයන් පස් දෙනෙකුට බොරු පෙරොන්දුවක් ලබාදී අමාරුවේ දමා අතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
එම ආයතනය මෙසේ බොරු පොරොන්දු දී ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා එක් කර ගන්නා බව පැවසීමෙනි.
මෙම ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත කැරිබියන් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට ද සහභාගි නොවී එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගිවීමට පොරොන්දු ගිවිසුම් අත්සන් කර තිබූ බවද පැවසේ.
එස්.එල්.පී.එල්. තරගාවලිය ලබන වසර දක්වා කල් හැරීමට බලධාරීන් පසුගියදා තීරණය කර තිබිනි.
මෙම තරගාවලිය කල් දමනු ලැබුවේ එම තරගාවලියේ පසුගියවර කණ්ඩායම් හිමිකුරුවන් අතරින් මෙවර තරගාවලියේ කණ්ඩායම් හිමිකාරිත්වයට ඉදිරිපත්වූයේ කණ්ඩායම් හිමිකරුවන් දෙදෙනෙකු පමණක්වීම නිසාය.

No comments:

Post a Comment