Tuesday 23 July 2013

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන තරගය අද

මාලිංග 150ටත් රංගන හා තිරිමාන්න 50ටත් සුදානම්


සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රිඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතව තිබේ.

දිවා රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු දෙකයි තිහට ආරම්භ වීමට නියමිතය.

පළමු තරගය ලකුණු එකසිය අසූවකින් ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග පහකින් සමන්විත එම තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

පළමු තරගයට සහභාගී නොවූ දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ හෂීම් අම්ලා සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලොන්වොබෝ සොට්සොබේ අද තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

මේ අතර ලහිරු තිරිමාන්න හා රංගන හේරත් අද සිය 50 වැනි එක්දින තරගයට සහභාගි වීමට නියමිත අතර හේරත්ට කඩුලු 50 සම්පූර්ණ කිරීමට තවත් කඩුලු 2ක් ලබාගත යුතුව ඇත.

තවද ලසිත් මාලිංග අද සහභාගි වන්නේ සිය 150 වැනි එක්දින තරගය වීම ද විශේෂත්වයකි.

එසේම දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ එක්දින තරග 10ක් දැනටමත් පරාජයට පත්ව තිබේ.

No comments:

Post a Comment