Tuesday 23 July 2013

රංගේබන්ඩාර – රනිල් හමුවක් !

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව මේ සතියේදී තමා හමුවන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංගේබණ්ඩාර මහතා මාධ්‍යට පවසා තිබේ.
එජාපය ගෙනයන වැඩ පිළිවල ගැන තමාට ගැටලු ඇති බැවින් මෙලෙස විපක්ෂ නායකවරයා හමුවන බව ඔහු පවසා ඇත.
තමාගේ ගැටලු වලට විපක්ෂ නායකවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණහොත් විපක්ෂ නායකවරයාගේ ගමනට සහය දෙන බවද ඔහු කියා සිටී.
තමා හමුවන්ට විපක්ෂ නායකවරයාගෙන්ද ඇරයුමක් ඇතැයිද ඔහු හෙලිකර තිබේ.










කුමන තත්ත්වයකදී වුවද පක්ෂය හැර නොගොස් ජනතාවට සේවය කරන බවද ඔහු පවසා ඇත.
තමාට දුන් ජනවරම රුපියල් ශතවලට පාවා නොදෙන බවද පවසන මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වය බිම් මට්ටමින් ලැබෙන යෝජනාවලටද කන්දිය යුතු බවත්, ඉන් හොද යෝජනා ඇත්නම් ඒවා ක්‍රියාවට නැංවිය යුතු බවත් පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment