Thursday 25 July 2013

දයාසිරි වෙනුවට නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවට


Nalin 410px 24-07-13දයාසිරි ජයසේකර මහතා  ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එජාප කුරුණෑගල දිස්ත්‍රීක් මන්ත්‍රී ධුරයට,  පසුගිය 2010 මහ මැතිවරණයේදී එජාප අපේක්ෂකයකු ලෙස තරඟ කල නලින් බණ්ඩාර මහතා පත්වීමට නියමිතය.
එම මැතිවරණයේදී මන්ත්‍රී ආසන 05 ක් දිනා ගැනීමට එජාපය සමත්වූ අතර තේරී පත් නොවූ අපේක්ෂකයින් අතරින් වැඩිම මනාප ලබාගෙන තිබුනේ නලින් බණ්ඩාර මහතාය.
ඒ අනුව, දයාසිරි මන්ත්‍රීවරයා ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට නලින් බණ්ඩාර මහතා නම් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරනු ඇත.

නලින් බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ බිංගිරිය ආසනයේ සංවිධායකවරයා ද වේ.

No comments:

Post a Comment