Tuesday 23 July 2013

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නිවසට ගෙන්වා පහර දීලා

දඩ කොළයක් නිකුත් කළ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තම නිවසට ගෙන්වූ ඇමැති ජොනී එම පොලිස් නිලධාරීන් දෙදෙනාට අමානුෂික අන්දමින් පහර දී ඇතැයි වාර්තා වේ.

කුරුණෑගල යන්තම්පලාව නගරයේ සේවයේ යෙදී සිටි රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනා බැසිල් නමැති ජොනීගේ මාමා සිදුකළ මාර්ග නීති කැඩීමකට මෙසේ දඩ කොළයක් ලබා දී ඇත. මාමා දඩ කොළය රැගෙන පිටත්ව යාමෙන් අනතුරුව යන්තම්පලාව නගරයට කඩාවැදුණු ජොන්ස්ටන් ගේ ආරක්ෂක නිලධාරීන් පොලිස් නිලධාරීන් දෙදෙනා බලහත්කාරයෙන් වාහනයකට දමාගෙන ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ නිවස වෙත රැගෙන ගොස් තිබේ.

එහිදී ඇමැති ජොනී නිලධාරීන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී ඇති අතර මෙම සිදුවීමට එරෙහිව ක්‍රියාත්මක නොවන ලෙසට මරණීය තර්ජන කිරීමෙන් අනතුරුව ආපසු යන්තම්පලාව නගරයට ගෙනගොස් දමා ඇත.

මෙම සිදුවීම දැක ඇති ප්‍රදේශවාසීන් මැදිහත්ව අදාල නිලධාරීන් දෙදෙනා කුරුණෑගල පොලිසිය වෙත ගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් පසුව බලාපොරොත්තු වන්

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මාමා මාර්ග නීති කඩ කළ පසු දඩ

No comments:

Post a Comment