Monday 29 July 2013

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ප‍්‍රහාරයක්

මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් මීට ස්වල්ප මොහොතකට පෙර ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කොළඹ - පුරහල ප‍්‍රදේශයේ පිහිටි ඔඩෙල් සාප්පු සංකීර්ණයේ රථ ගාල තුළදී  මෙම පහරදීම සිදුව ඇති බවයි අමාත්‍ය මර්වින් සිල්වා හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ. ප‍්‍රහාරයට ලක්වූ මාලක සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණා. මේ වන විට ඔහුව ශල්‍යාගාරයට ඇතුළත් කළ බව වාර්තා වනවා. මොන්ටේරෝ ජීප් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය ප‍්‍රකාශ කළා.

No comments:

Post a Comment