Tuesday 23 July 2013

දේශපාලනයෙන් සමුගන්නා බවත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා අද කියා සිටියේය.

යෝජිත උතුරු අධිවේගී මාර්ගය වල්පොල සහ බටුවත්ත යන නගර හරහා ඉදිකිරීමට ඉඩ නොදෙන බවත්,  අදාළ මාර්ගය එම  නගර හරහා ඉදිකෙරුණහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවත්  අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා අද කියා සිටියේය.
උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට විරෝධය පළකරමින් ප‍්‍රදේශවාසීන් පිරිසක්,  වල්පොල සහ බටුවත්ත යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ග හරස් කරමින් අද උදෑසන විරෝධතාවක නිරතවිය. මේ නිසා ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද අද උදෑසන බාධා එල්ල විය.
එම අවස්ථාවේදී  අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර, යෝජිත  අධිවේගී මාර්ගය වල්පොල සහ බටුවත්ත යන නගර හරහා ඉදිකිරීමට තමන් අවස්ථාව ලබානොදෙන බවට සහතිකවිය.  ඉන් අනතුරුව උද්ඝෝෂකයන් විසිර ගියේය.

No comments:

Post a Comment