Monday 29 July 2013

අගවිනිසුරුවරියගෙන් එළව එළවා පළිගනී

තවමත් නීත්‍යාණුකූල අගවිනිසුරුවරිය වන ආචාර්ය ශිරානි බණ්ඩාරනායක එරෙහිව තම වත්කම් හෙළි නොකිරීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අද(29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඉදිරියේ නඩු 3 ක් පවරනු ලැබීය. ඒ අනුව, හිටපු අගවිනිසුරුවරියට ලබන සැප්තැම්බර් මස 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් නොතීසි නිකුත් කරන ලදී.

2010, 2011, සහ 2012 වසරවල වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමට එරෙහිව ඇයට චෝදනා එල්ල කර ඇති අතර මෙම වසර 3 ට අදාළව චෝදනා 6 ක් යටතේ ඇයට විරුද්ධව නඩු 3 ක් පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කර ඇත.
හිටපු අගවිනිසුරුවරිය එම ධුරයේ කටයුතු කරන කාලය තුළ උපයා ගත් වත්කම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පසුගිය කාලය පුරා ඇයගෙන් ප්‍රශ්ණ කෙළේය.
ඒකාධිපති රාජපක්ෂ රෙජීමය විසින් සම්පූර්ණයෙන්ම ක්‍රම විරෝධී දෝෂාභියෝගයක් මගින් නීති විරෝධී ලෙස අගවිනිසුරුවරිය තනතුරින් පහ කරන ලද අතර ඉන්පසුව ඇයගෙන් දිගින් දිගටම පලි ගනිමින් සිටී. මෙම නඩු පැවරීමද සම්පූර්ණ පළි ගැනීමේ චේතනාවෙන් සිදුකරන ලද්දකි.

No comments:

Post a Comment