Thursday 25 July 2013

දයාසිරි පොලොවේ අතගහලා දිවුරුවා හම්බන්තොට වරායේ ගලක් තිබෙන බව


දයාසිරි හොරු සමග හෙළුවෙන් !

දයාසිරි හොරු සමග හෙළුවෙන් !
දයාසිරි ජයසේකර මහතා රඟපාන අලූත්ම නාට්‍ය හොරු සමඟ හෙළුවෙන් බව එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.
රාමනායක මන්ත‍්‍රිවරයා මේ බව පැවසුවේ අද දයාසිරි ජයසේකර මන්ත‍්‍රිවරයා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී ආණ්ඩුවට එක්වන බව පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවේදී කැඳ වු මාධ්‍ය හමුවේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු රන්ජන් රාමනායක මන්ත‍්‍රිවරයා කියා සිටියේ දයාසිරි මන්ත‍්‍රිවරයා පොලොවේ අතගහලා දිවුරුවා හම්බන්තොට වරායේ ගලක් තිබෙන බව. නමුත් අද ඉදන් කියන්න වෙනවා ගලක් නෑ කියලා. තව ද පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ මැෂින් එකේ බේයාරින් ගිහින් කියලා කිව්වා. නමුත් අද කියන්න වෙනවා මැෂින් එක හොඳයි බේයාරින් තියෙනවා කියා බව රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියා.

No comments:

Post a Comment