Monday 29 July 2013

අධිවේගී මගේ සැප බස්වල මගී ජනතාව සිටගෙන ගමනේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථවල සිටගෙන මගීන් ගෙනයාම ඇරඹී ඇතත් ‍පොලිසිය හෝ වෙනත් අදාළ ආයතන නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවක් නොපෙනේ.
මෙසේ දිගින් දිගටම පැවතුණහොත් ඉදිරි කාලයේ ‍පොල් පටවන්නා සේ පා පුවරුවේ ද මගීන් නංවාගෙන අධිවේගී මාර්ගයේ බස් ධාවනය කෙරෙන දිනය වැඩි ඈතක නොවේ.
ගාල්ල, මාතර මාර්ගයේ වැඩිපුර මගීන් ගෙනයන බස් රථ ඇල්ලීමට ‍පොලිසිය සැඟවී බලා සිටින අයුරු බහුලව දක්නට ඇතත් අධිවේගී මගේ මෙසේ සිදුවන මාර්ග නීති කැඩීම් පිළිබඳ මෙම අංශවල අවධානයට ලක් නොවීම නිසා අධිවේගී මාර්ගයේ වැඩි මුදලක් ද ගෙවා මගීන්ට සිටගෙන යාමට සිදුව ඇත.

No comments:

Post a Comment