Tuesday 23 July 2013

දෙහිවල නගරාධිපති ලේකම් කප්පම් ඉල්ලා නොදුනැයි කඩයක් කුඩු කරලා

දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංගගේ පෞද්ගලික ලේකම් වරයා වන හර්ෂ නෝමිස් පසුගියදා කොහුවල පිහිටි ලොන්ඩරියකින් කප්පම් මුදලක් ඉල්ලා නොදුන් තැන මැරයන් පිරිසක් ගෙන්වා ගෙන එම ආයතනයට ප්‍රහාරයක් එල්ල කර ඇත.

දෙහිවල ගල්කිස්ස සමූපකාරයේ සභාපතිවරයාද වන හර්ෂ නෝමිස් පසුගිය ජූලි 2 වන දින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක් සඳහා මෙසේ රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදලක් ඉල්ලා ඇත. එහෙත් එතරම් මුදලක් තමන්ට ලබා දීමේ හැකියාවක් නැති බව එම ආයතන හිමිකරු පවසා ඇත. එහෙත් පසු දිනක මැරයන් ‍රැගෙන විත් එම ආයතනයට පහර දී එම ආයතනය සතු යන්ත්‍ර සූත්‍ර හා යතුරු පැදි කිහිපයක් විනාශ කොට එම ආයතන නාමපුවරුව වැසීයන සේ අදාල උත්සවයේ ප්‍රචාරක බැනරයක්ද දමා ගොස් ඇත.

පසුව මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් කර ඇති නමුත් පොලීසිය හර්ෂ නෝනිස්ව බේරා ගැනීම සඳහා මැදිහත්ව තිබේ. මේ සම්බන්ධයෙන් පොලීසිය නීතිමය ක්‍රියා මාර්ග ගැනීම මඟ හැරීම නිසා මේ වන විට ආයතන හිමිකරුවා වන්දි ඉල්ලා නඩු පැවැරීමට

No comments:

Post a Comment