Monday 29 July 2013

සජිත් ආණ්ඩුවට එනවා නම් නාමල් තමන්ගේ තනතුර පිරිනමන්න සූදානම්

පාර්ලිමේන්තුවේ කතාවෙන් පසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැමිණියේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ‍ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ කාමරයටය. ජගත් පුෂ්පකුමාර, ඩිලාන් පෙරේරා, රෝහිත අබේගුණවර්ධන, හිටපු මහ ඇමැති සරත් ඒකනායක, නාමල් රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ ඇතුළු මැතිඇමැති පිරිසක්ද එහි සිටියහ. ඔවුන් සියලු දෙනා ජයසේකර මන්ත්‍රීවරයාට උණුසුම් ලෙස සුබපැතූහ.
“ඔයාට වෙච්ච ඉරණමට තවත් ගොදුරු වෙන්න කීදෙනෙක්
ඉන්නවද?” ඇසුවේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාය.
“තව සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අය ඉන්නෙත් පුදුම ඉවසීමකින්” ජයසේකර මන්ත්‍රීවරයා කීය.
“එතකොට සජිත් ප්‍රේමදාසට මොකද වෙන්නේ?” ඩිලාන් පෙරේරාගේ අනෙක් ප්‍රශ්නය විය.
“එයත් අනාථයි තමයි. ඔය පීඩනය දරාගෙන ඉන්න බැහැ” ජයසේකර මන්ත්‍රීවරයා කියද්දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේ එයත් ආණ්ඩුවට එනවා නම් මම හරි කැමැතියි. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිකමින් අයින් වෙලා ඒකත් මම එයාට දෙන්න කැමතියි.”
“නාමල් මන්ත්‍රීතුමාට දැන්මම වෙස්සන්තර ගති ලක්ෂණ පහළ වේගෙන එනවා වගෙයි” අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කීවේය.
“ඔය දේශපාලන පරිණත බවේ ගතිලක්ෂණ නේ මතුවෙන්නේ. ඒක ‍නෙවෙයි දැන් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ආණ්ඩුවට ආවට පස්සෙ හදිසියකටවත් සින්දුවක් අහන්න ඒ පැත්තෙ කවුරුත් නෑනේ” හෙට්ටිගේ කීවේ කාගෙත් සිනාහඬ මැදය.
“එජාපය තව තවත් වැටීගෙන ගියත් විපක්ෂ නායකතුමා සද්දයක් නෑ” ජගත් පුෂ්පකුමාර ඇමැතිවරයා කියද්දී ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා කීවේ.
“එහෙම තමයි ඒකට කියන්නේ විනය රකිනවා කියල නේ” කියාය.

No comments:

Post a Comment