Monday 29 July 2013

කාමේසුමිච්ජාචාරා ශික්ෂා පදය මං කඩන්නේත් නැහැ. හැබැයි කවුරුහරි ගෑනු කෙනෙක් මගෙන් ඉල්ලීමක් කළොත් නම් මම සලකලා බලනවා.- අමාත්‍ය මර්වින් සිල්වා


තුන්වෙන් සිල්පදය තමන් කඩන්නේ නැති වුවත් කාන්තාවක් තමන්ගෙන් උදවුවක් ඉල්ලූවොත් නොකර ඉන්නේ නැති බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
සති අන්ත පුවත්පතක් හා අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද අදහස් පල කරයි.
‘උදේ හවා බුදුන් වැන්දත් ගොඩක් අයට සිල්පද පහ රකින්න බැහැ. සමහරු රැුස්වීම්වලට යද්දිත් පන්සිල් ගන්නවා. රැුස්වීම් පටන් ගද්දිත් පන්සිල් ගන්නවා. ඒත් කවුරුවත් පන්සිල් පද රකින්නේ නැහැ. හැමෝම පන්සිල් රකිනව නම් යන්න ඕනැ. ආකාසෙ එහෙනම් ඉර පේන්නේ නෑ. සද පේන්නේ නෑ. මිනිස්සු වලාකුළුවලත් හැප්පෙයි. අනික එතකොට තෙල් මිල ඉහළ යන්නේත් නෑ.
මම කොහොමවත් මුසාවාද ශික්ෂාපදය නම් කඩන්නේ නැහැ. බොරුව මගේ ටයිම් ටේබල් එකේ නැහැ.
කාමේසුමිච්ජාචාරා ශික්ෂා පදය මං කඩන්නේත් නැහැ. හැබැයි කවුරුහරි ගෑනු කෙනෙක් මගෙන් ඉල්ලීමක් කළොත් නම් මම සලකලා බලනවා. මොකද ඒක උපකාරයක්නේ. උපකාරයක් කිරීම කාමය වරදවා හැසිරීමක් වෙන්නේ නැහැ

No comments:

Post a Comment