Tuesday 23 July 2013

සම පැහැපත් කරන ආලේපන හේතුවෙන් වකුගඩු අකර්මන්‍යවී ස්නායුගත රෝග

සම පැහැපත් කිරගැනීම සදහා භාවිතා කරන ආලේපන හේතුවෙන් වකුගඩු අකර්මන්‍යවී ස්නායුගත රෝග ගණනාවක් ඇතිවන බව කරන ලද පර්යේෂණයකින් හෙළිව ඇතැයි විශ තොරතුරු මධ්‍යස්ථානය අනතුරු අගවයි.

මෙම නිශ්පාදනවලට රසදිය අඩංගුකර ඇති බැවින් මෙම අවදානම් තත්වයක මතුව ඇතැයි එහි අංශ ප්‍රධානී සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පැවසුවේය.
සාමාන්‍යයෙන් සම කළු පැහැ ගැන්වීම සදහා මෙලනින් වර්ණකය නිශ්පාදනය නොකරන තත්වයක් උදාවනු ඇත.
මේ හේතුවෙන් සම සුදු පැහැයක් ගන්නා බව වෛද්‍යවරයා සදහන් කරයි.
දැඩි හිරුරැස්වලින් සම සහ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරගැනීම සදහා මෙම වර්ණකය වැදගත් වනු ඇත.
අලුත විවාහවන කාන්තාවන් තම මුහුණ පැහැපත් කරගැනීමට යැයි සිතා රූපලාවන්‍යාගාරවලට යන අතර ඔවුන්ට සති දෙකක් වැනි කාලයක් තුළ සම පැහැපත් කිරීමට යැයි ආලේපන වැඩි ප්‍රමාණයක් ගල්වනු ලැබේ.
මෙය ඉතාමත් භයානක තත්වයක් බවත් එය ඉක්මනින් ස්නායුගත රෝග තත්වයන් ඇති කිරීමට හේතු විය හැකි බවත් වෛද්‍ය ගුණතිලක කීවේය.
තවද මෙම ආලේපනවල අන්තර්ගත ද්‍රව්‍ය පිළිබද කිසිදු සදහනක් කර නොමැති වීම බරපතල තත්වයක් බව විශ තොරතුරු මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

No comments:

Post a Comment