Monday 29 July 2013

ඡන්දය ඉවර වුණ ගමන් බස් ගාස්තු, ඉන්ධන මිල, ගෑස් මිල, කිරිපිටි මිල වැඩි වෙන අවධානමක්

මැතිවරණයෙන් පසුව දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යන බව එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
අද රාජගිරිය වතුකම්කරු කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව පවසා සිටියා.
පළාත් සභා ඡන්දය පැවැත්වෙන නිසා මේ දුෂිත සුත‍්‍ර නැමැති ගොනා කණුවක ගැට ගසා ඇති බව ද ඔහු මෙහිදී කියා සිටියා. මේ පළාත් සභා ඡන්දය ඉවර වුණ ගමන් කණුව ලිහලා මේ සියළු දේට අවසර දෙන්න ආණ්ඩුව සුදානම් බව. ඡන්දය ඉවර වුණ ගමන් බස් ගාස්තු, ඉන්ධන මිල, ගෑස් මිල, කිරිපිටි මිල වැඩි වෙන අවධානමක් හොඳටම තිබෙන බව ද ඔහු කියා සිටියා. ලූණු කැටේ සිට ආදාහනාගාරය දක්වා භාණ්ඩ මිල වැඩි වන බව කරුණාතිලක මන්ත‍්‍රිවරයා පවසා සිටියා. ඒ සම්බන්ධයෙන් දැන ගෙන උතුරු, වයඹ හා මධ්‍යම ඡන්ද පොලට යන්න යැයි ඔහු මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.
දිවයිනේ බෝ වන රෝග පැතිර යාම සම්බන්ධයෙන් ද ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව ද ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රිවරයා මෙහිදී පවසා සිටියා.පිළිකා, ඩෙංගු වැනි භායනක රෝග වලින් දහස් ගණනක් ජනතාව මෙම රෝග වලින් පිඩාවට පත්වෙලා තිබෙනවා. දේශපාලන සංදර්ශන පෙන්නන් විතරක් පමණක් මේ ආණ්ඩුව කටයුතු කරන බව ද ඔහු මෙහිදී කියා සිටියා. ජනතාවගේ ප‍්‍රශ්න වලට විසදුමක් නැතිව තවත් දුරටත් ආණ්ඩුවට ඉදිරියට යන්න පුළුවන් ද කියා මෙහිදී ඔහු ප‍්‍රශ්න කර සිටියා.

No comments:

Post a Comment