Tuesday 30 July 2013

‘මව්කිරි විකුණනු ලැබේ’

චීනයේ ධනවතුන්ට ගෟහ සේවිකාවන් සපයන සින්සින්යු නැමති ආයතනය නව ගෘහ සේවයක් මෑතකදී ආරම්භ කර තිබේ. එනම් ළඳරුවන්ටත්, වැඩිහිටියන්ටත් මව් කිරි සැපයීමයි. මෙම ආයතනය පිහිටා තිබෙන්නේ චීනයේ විශාල ආර්ථික දියුණුවක් දක්නට තිබෙන ෂෙන්ෂෙන් නගරයේයි. සින්සින්යු ගෘහ සේවිකා ආයතනයේ අයිතිකරු ලින් ජුන් පැවසුවේ “වැඩිහිටියන්ට කෙලින්ම මව් කිරි පානය කළ හැකියි. කවුරු හරි ලැජ්ජයි නම් මව් කිරි දොවා වීදුරුවකට දමා පානය කළ හැකියි” යනුවෙනි. කෙළින්ම කිරි පානයට ඉන්න කාන්තාවකට චීනයේ යුවාන් 1600 හෙවත් ඇමරිකානු ඩොලර් 2600 පමණ මාසයකට උපයාගත හැකියි. මෙය චීනයේ හොඳ මාසික වැටුපක් වශයෙන් සැලකේ. නිරෝගි හොඳ පෙනුමැති කාන්තාවකට මීට වඩා උපයාගත හැකිය. පසුගියදා මෙම ප්‍රවෘත්තිය ඇසූ සමහර චීන ජාතිකයින් මෙයින් කැලබීමට පත්වූ බවද වාර්තාවේ. මෙය නව චීනයේ නව ධනවතුන්ගේ චාරයක් නොමැති කම දක්වන ලකුණක් බව පවසන ඔවුහු, මෙය කාන්තාවන් වෙළඳ භාණ්ඩ වශයෙන් සැලකීමක් බවද, මාතෘත්වයට කරන අගෞරවයක් බවත් පෙන්වා දෙති.
නමුත් චීනයේ සියලුදෙනාම මෙයට විරුද්ධ නැත. මෙම ව්‍යාපාරයට පක්‍ෂව කරුණු දක්වන්නන් පවසා ඇත්තේ මව් කිරි වෙළඳාම චීනයේ තිබෙන අනෙකුත් ව්‍යාපාර මෙන්ම තවත් ව්‍යාපාරයක් පමණක් බවයි. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සැපයුම්කරුවන් සිටිනවා නම් පාරිභෝගිකයින් සිටිනවානම් ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි බව ඔවුහු පවසති. කෙසේ වෙතත්මේ කලබලය විසඳිය නොහැකිව චීන නිලධාරින් විසින් සින්සින්යු ගෟහ සේවිකාවන් සපයන ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවා තිබේ.
චීනයේ ජනතාව අතර දරුවන්ට මව්කිරි පෙවීමේ අනුපාතය ඉතා අඩුය. 2012 දී දරුවන් 100 කට මෙය 28 ක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලින් පෙනේ. මෙම අඩු අනුපාතයට හේතුව නම් ගැබිණි මව්වරුන්ට ලැබෙන නිවාඩු ප්‍රමාණය චීනයේ ඉතා මද වීම සහ පිටි කිරි වෙළඳ දැන්වීම්වල ඇති බහුලතාවයයි.

No comments:

Post a Comment