Tuesday 23 July 2013

හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක ගැටුමක් නිර්මාණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු පුහුණුකරුවා වන චමින්ද වාස්ගේ උපදෙස් ලසිත් මාලිංග විසින් පිළි නොගැනීම නිසා ඔවුන් අතර ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වේ.
 මේ ගැටුම පවතින්නේ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ සිට බවද පැවසේ.
 චමින්ද, ලසිත්ට නියම කරන පරිදි පන්දු යැවීමද නොකරන බව වාර්තා වේ.
 ලසිත් මෙසේ හැසිරෙන්නේ හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක යලිත් ගෙනඒමට බවද ශ්‍රි ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 මෙම ගැටුමේ ආසන්නතම අවස්ථාව වන්නේ පසුගිය දිනක ලසිත්, වාස්ගේ පුහුණුවීම් මගහැර ගොස් චම්පක සමග පුහුණුවීම්වල යෙදීම බවද පැවසේ.
 ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ ටැක්ටික් නොව ටෙක්නික් බැවින් මෙලෙස කටයුතු කරන බව මාලිංග පවසා අතැයිද වාර්තා වේ.

No comments:

Post a Comment