Tuesday 23 July 2013

ආණ්ඩුව, හමුදාවට අවමන් කරනවා -එජාප

ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අභිමානය පළුදු වී තිබෙන්නේ, 'පියාඹන මාළුවෝ' චිත‍්‍රපටයක් හෝ වෙනත් කලා කෘතියකින් නොව, යුද්ධයෙන් පසු ඔවුන්ට පවරා තිබෙන සිවිල් කි‍්‍රයාකාරකම් නිසා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
 එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ අද (23) පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ගොඩනැගිලි ඉදිකිරීමට සහ හෝටල්වල ආහාර පිසීමට පවා ත‍්‍රිවිධ හමුදාව යොදවා සිටින බවයි.
ත‍්‍රිවිධ හමුදාව සිවිල් කි‍්‍රයාකාරකම් සඳහා අනවශ්‍ය ලෙස යොදවා ගැනීමෙන් සිවිල් පරිපාලනය මිලටරීකරණයට ලක්වන බව ද තිස්ස අත්තනායක මහතා මෙහිදී පැවසිය. එසේ වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි බව  ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment