Tuesday 23 July 2013

නාසය කාපු තුෂාර හේමචන්ද්‍රට ඇප අත්සන් කිරීමට කිසිවෙකු නෑ


අත්තනගල්ලේ හෝටලයක මංගල උත්සවයකදී රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයකුගේ නාසය සපා කෑ බව කියන එජාපයේ බස්නාහිර පළාතේ හිටපු ආසන සංවිධායකවරයෙකු වන තුෂාර හේමචන්ද්‍රට ඇප නියම කර තිබේ.

සැකකාර ප්‍රාදේශීය දේශපාලනඥයා අද
පෙරවරු 10.00ට පමණ නිට්ටඹුව පොලීසියට භාර වී තිබූ අතර පොලීසිය ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී අසනීප තත්ත්වය මත ඔහුද වතුපිටිවල රෝහලට ඇතුළත් කරන ලදී.

අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ සැකකරුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කළත් ඇප අත්සන් කිරීමට කිසිවෙකු නොසිටි බව පොලීසිය පැවසීය.

ඒ අනුව සැකකරු ද පොලිස් ආරක්ෂාව මැද මේවන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම සිද්ධියේදී නාසය හැපීමෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලේ 09 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන රාජ්‍ය මාධ්‍ය ආයතන සේවකයාට මැහුම් 10ක් ගසා ඇතැයි ද වාර්තා වේ.

අත්නගල්ලේ මඟුල් උත්සවයකදී ඊයේ පස්වරුවේ මෙය සිදුව තිබුණි.

No comments:

Post a Comment