Monday, 1 July 2013

සුදු නෙළුම කෝ ? සංවේදී නිරමාණයක්

ගොඩක් ගීත රචකයන් පට්ට සංවේදී නිරමාණයක් එහෙම නැත්නම් ප්‍රසිද්ධ නිරමාණයක් කලොත් බොහෝ වෙලාවට ඒක තමන්ගේ අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය වුවක්. ඇත්තටම තමන්ගේ අත්දැකීමක් තරම් මොකුත් හිතෙන මවාගන්න හරිම අමාරුයි කියලයි මට හිතෙන්නේ. ඒත් ඉතිං අහම්බෙන් වගේ එච්චර දක්ෂතාවය තියෙන අය නැතුවමත් නෙවෙයි. හරියට සුනිල් ආරියරත්න ශුරින් වගේ. බැඳලවත් නෑ ඒත් ලියපු සිංදු ඇහුවම කීයටවත් එහෙම හිතන්න අමාරුයි. කොහොමවුනත් අද කියන්න යන්නේ සුනිල් ආරියරත්නයන් ලියපු ගීයක් ගැන නම් නෙවෙයි. මේක වෙනමම කෙනෙක් ලියපු ගීතයක්. මම කිව්වනේ සංවේදී හිතට දැනෙන ගීතයක්නම් ඒක ගොඩක් දුරට අත්දැකීමක්, සත්‍ය සිදුවීමක් නිසා කියලා. ඇත්තටම මේ සින්දුවත් එහෙම සිදුවීමක්.

මේක වෙලා තියෙන්නේ රත්න ශ්‍රී විජේසින්හයන්ට.



ඒ දවස්වල විජේසිංහයන් රැකියාව කලේ මහියංගනය ප්‍රදේශයේලු. ඉතිං එහෙ පාසලක උගන්වන්න විජේසිංහයන් තරමක දුරක් ගෙවාගෙන බස් රියේ පාසලට හැමදාම උදේ එනවලු.ඉතිං එන්නේ ඔක්කම්පිටියේ දෙමටමල් විහාරයත් හැමදාම පහුකරගෙනලු. ඉතිං කතරගම එහෙම ගිහින් තියෙයිනම් කට්ටිය දන්නවා ඇතිනේ මල් විකුණන ගෑලු ළමයි එහෙම ඉන්නවා. ඒ වගේ මල් විකුනනවලු මේ පන්සලෙත් ළමයි. කතරගම වගේ ලොකු ගෑලු ළමයි නෙවෙයි මේකට අදාළ වෙන්නේ ඉස්කෝලේ යන ඒ වයසේ පොඩි දරුවෙක්ලු. ඉතිං විජේසිංහයන් එන කොට හැමදාම වගේ දකිනවලු මේ ළමයා වැවෙන් මල් කඩලා ඇවිත් පන්සලේ ළඟ ඉඳන් විකුණන එක. ඔහොම ටික දවසක් යනකොට එක දවසක වැව ගාව මිනිස්සු පිරිලලු. විපරම් කරලා බැලුවම අර පොඩි දරුවා වැවේ ගිලිලා මිය ගිහින්ලු.

ඉතිං ඔන්න ඔය සිද්ධිය පාදක කරගෙන විජේසිංහයන් ලියනවා ගීතයක්. මේකට සොරබොර වැව ආරෝපණය කරගෙන තියෙනවා. ඉතිං මේ පද රචනය අරගෙන විජේසිංහයන් අමරදේවයන්ගේ ගෙදරට යනකොට අමරදේවයන් අහමින් හිටියේ ආශා මාන්ඩ් කියන රාගය ආශ්‍රයෙන් පණ්ඩිත් ජස්රාජ් කියන ගායකයා ගයන සින්දුවක්ලු. ඒකෙ වැඩිපුරම මතුකරලා තියෙන්නේ කරුණා රසයලු. පුදුමය කියන්නේ මේකේ පද පෙලෙත් වගේම මේ ගීතයට ඕනි කියලා හිතෙන්නෙත් කරුණා රසයමලු. ඉතිං ඒ ආශ්‍රයෙන් අමරදේවයන් මේ ගීතය නිර්මාණය කලාලු.

ඉතිං අමරදේවයන්ගේ ප්‍රතිභාවෙන් පරිපුර්ණ වෙලා ගායනා කරන ඒ ගීතය තමයි "සුදු නෙළුම කෝ" . මේ ගීතය අසද්දී දැන් ඒ සිද්ධිය ඔබේ සිතෙහි මැවී පෙනෙනු වගේම එයින් සිතට සංවේදී හැඟීමක් දැනෙනු නොඅනුමානයි.






සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ


වැවට කළුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙලූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා


සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙලුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පා වුණා


No comments:

Post a Comment