Tuesday 10 September 2013

ෆුඩ්සිටියෙ නෝනගෙ කොන්ඩම් භීතිකාව

condom-campaignඑදින සුපිරි වෙළඳසැලකට ගිය මා ඒ තුල වූ ෆාමසියට ගියේ කොන්ඩම් මිලදී ගැනීමටය. අවශ්‍ය කොන්ඩම් වර්ගයෙන් පැකට් දෙකක් ඉල්ලූ පසු වෙළඳ සේවිකාව එය රැගෙන කඩදාසි බෑගයක් වෙත දැමීමට සූදානම් විය.
සාමාන්‍යයෙන් ලංකාවේ ඇත්තේ රුපියල් තිහේ සිට ඉහලට මිලදීගත හැකි, ඝන කඩදාසි ඇසුරුමක බහා ඇති කොන්ඩම් තුනක් අඩංගු පැකට්ය. පාරිභෝගිකයාට අවශ්‍ය කොන්ඩම් ප්‍රමාණය කුමක් වුවත් මිලදීගැනීමට සිදුවන්නේ මෙම තුනේ පැකට්ය. එය තරමක කරදරයක් බැවින් වඩා වැඩි කොන්ඩම් ප්‍රමාණයක් අඩංගු පැකට් නැත්ද යන්න වෙළඳ සේවිකාව වෙතින් මා විමසීමි. ඇගේ ප්‍රතිචාරය යහපත් නොවීය,
to-bring-or-not-to-bring

"දන්නෑ!" යන්න එක්වරම පවසා ඈ පාර්සලය මාවෙත දිගුකලාය.

මෙහිදී ඇය සිදුකල මූලික වැරදි දෙකකි.

පළමුවැන්න නම් තමන් අලෙවි කරන භාණ්ඩය පිලිබඳ දැනුවත් භාවයක් ලබා නොසිටීමය.
දෙවැන්න තම පාරිභෝගිකයා වෙනුවෙන් දැක්වියයුතු මිත්‍රශීලී ස්වභාවය ඇය වෙත නොමැති වීමයි.

හරියටම කිවහොත් ඇගේ හැසිරීම "මා කොන්ඩම් මිලදී ගත්තේ ඇය සමග ලිංගික කාර්යය සඳහාය" යන්න සිතා සිටින අයුරිනි.

ලංකාව තුල ලිංගිකත්වයට හිමිවන ස්ථානය පිලිබඳවත් ලිංගිකත්වය සම්බන්ධයෙන් ලාංකීය ආකල්ප පිළිබඳවත් බ්ලොග් අවකාශය තුල ඕනෑ තරම් පට්ටගසා ඇති බැවින් යලි යලිත් මතු කිරීම නිරර්ථක කාර්යකි. කෙසේ වුවත්, ප්‍රාග්ධනයේ ප්‍රසාරණයත් සමඟ දශකයක් දෙකක් තුල දිවයින පුරා ව්‍යාප්ත වූ "සුපිරි වෙළඳසල්" යනු නූතනත්වයේ සංකේතයකි. ඒ තුල සිටින මෙවැනි සේවිකාවන් ඇතිකරන්නේ නූතනත්වයට නොගැලපීමකි.

කෙසේ වුවත් ඇයට තේරුම්ගත හැකියයි සිතන ආකාරයෙන් මා මේ කරුණු පැහැදිලි කලෙමි. කිසිවක් නොකියූ ඇය අසා සිටියා පමණි!

"ඔයා එහාපැත්තට ගියානං ඔයාටත් ලේසියි අපිටත් ලේසියි" අවසානයේදී මා යෝජනා කලෙමි. ෆුඩ් සිටියේ අනෙක්පස පිහිටුවා තිබුනේ එළවළු විකුණන ස්ථානයයි.
(raj1st.blogspot.)

No comments:

Post a Comment