Monday 9 September 2013

තංගල්ලේ උම්මා දුන්න හැටි ගල්ගමුවේදී පහදයි


ඊයේ ගල්ගමුව නගරයේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් පැවැත්වුණා. එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ මේ දිනවල ජන්ද වැඩට යොදාගන ඇති හමර් රථය තමාට පෙනෙන්නේ අවමංගල රථයක් ලෙස බවයි.

අනතුරුව කතා කළ පී හැරිසන් මන්ත්‍රිවරයා එක ගමකට එක වැඩක් ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වුයේ මෙලෙසින්


"දැන් මුන් ගල්ගමුවේ පාරවල් ටික ඔක්කොම හදල ද නෑ...මීගලෑව පාරේ ගියොත් අර ටොමිබා වළකට වැටුණොත් උණ ගැනෙනවා බැරි වෙලාවත් බබා හමිබවෙන්න හිටපු අමිමා කෙනෙක් ඒ වළකට වැටුණොත් බඩේ ඉන්න ඕනී එකා පෙකණිවැල කඩා ගෙන බිම වැටෙනවා.

යකෝ මුන් කියන්නෙ නම් එක ගමකට එක වැඩක් කියලා... ඔවි අපි දන්නවා මුන් එක ගමකට එක වැඩක් කොරනවා කියලා දැන් බලන්න ප‍්‍රාදේශීය සභාපති වරු ඉන්නවා..එක ගමකට එක වැඩක් දෙනවා.

තංගල්ලේ සභාපති තංගල්ලේ බීචි හෝටලයට ගිහින් එංගලන්තේ සුදු නෝනා කෙනෙක් බදා ගන්න ගියා..ඒක දැකපු සුදු නෝනාගේ මහත්තයා සභාපතිට පයින් පාරක් ඇරියා..සභාපතියා සුද්දට කීවා මම මහින්ද මහත්තයාගේ කෙනෙක් කියලා සුද්දට සිංහල තේරේනවා යැයි සුද්දා ඉංග‍්‍රීසියෙන් හොඳටම බැන්නා.

තංගල්ලේ සභාපතියට මල පැන්නා සුද්දිට බිම දාගෙන උම්මා දුන්නා...ඇයි යකෝ මහින්ද මහත්තයා දෙන්නේ උම්මා..මට බැරි ඇයි කියලා දුන්නා උම්මා..සුද්දට කර ගන්න දෙයක් නෑ සුද්දා බැන්නා පීලීස් පීලීස් "ඩෝන්ටි" ඩූ දිස් කීවා.

සභාපති හිතුවා "ඩෝන්" කියද්දි සුද්දා ගාවත් පිස්තෝලයක් තියනවා කියලා..ගත්තා ඉනේ තිබිබ පිස්තෝලේ ඩෝං ඩෝං ගාලා දුන්නා සුද්දට...සුද්දා එතනම බිම...දැන් එංගලන්තෙන් ලංකාවට සුදුනෝනලා එන්නේ නෑ...ඇයි එක ගමකට එක වැඩකට බය හින්දා.

මාවනැල්ල සභාපති මිනී මරලා හිරේ...කරුවල ගස් වැව සභාපති මිනිසුන්ට ගහල හිරේ...ඇඹිලිපිටියේ එකා පොලිස්සියේ නිලධාරීන්ට කන පැලෙන්න ගහලා..එක ගමකට එක වැඩක් ඇයි එක ගමකට 400 ක වැඩක් කරපු එකෙකුත් ඉන්නවා.

අකුරැස්සෙ සභාපතියා සභාපති කම ලැබුණ දා ඉඳලා කොරලා තියෙන්නෙ ගමේ ගෑණූන්ව ඔඩොක්කුවට ගන්න එක..ඌ එක ගෑණීයෙක් නෙමෙයි 400ක් අරන්...පොඩි එකෙක් ගන්න ගිහින් තමා මාටිටු වුණේ...ඕන් එක ගමකට 400 ක් වැඩේ දුන් එවුන් සංවර්ධනයේ ආශ්චර්යය
.
"

No comments:

Post a Comment