Thursday 12 September 2013

ආ.. අද සභාපතියා ඇවිත් නැද්ද? එයාට කියන්න මම 24, 25 දවස් දෙකම මේ නඩුව අහනවා. එයාව නතර කරගෙනම නඩුව අහන්නම්. එතකොට ඌට පක්ෂ දාල යන්න පුළුවන් වෙයිද කියල බලන්න පුළුවන්" යි විවෘත අධිකරණයේදී විනිසුරු ලලිත් ඒකනායක


Photo: නුවරඑළිය මහාධිකරණ විනි-සොරා ලලිත් අමු හෙළුවැල්ලෙන් විනිසුරු පුටුවේ සිට දේශපාලනය කරයි---------

(ලංකා ඊ නිව්ස් -2013.සැප්.12, ප.ව.5.00) නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක නම් විනි-සොරා විවෘත අධිකරණයේදී අමු අමුවේ දේශපාලනයේ යෙදෙමින් පක්ෂග්‍රාහී ද්වේෂ සහගත ප්‍රකාශයක් කිරීමේ කාලකන්නි සිද්ධියක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

වලපනේ ප්‍රාදේශීය සභාපති ජගත් කුමාර අමරහේවාට එරෙහිව පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක විසින් 2010 දී පවරා ඇති නඩු අංක 172/2010 දරණ නඩුව ඊයේ (11) විභාගයට ගනිමින් විනි-සොරා ලලිත් ඒකනායක මෙසේ පක්ෂග්‍රාහී ද්වේෂ සහගත දේශපාලන ප්‍රකාශයක් කර තිබේ.

එජනිස පාක්ෂික වලපනේ සභාපතිවරයා ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට බැඳීමට යන බවට රාවයක් පවතින අතර ඊයේ ඔහුට එරෙහි නඩුව කැඳවමින් විනි-සොරා ලලිත් ඒකනායක " ආ.. අද සභාපතියා ඇවිත් නැද්ද? එයාට කියන්න මම 24, 25 දවස් දෙකම මේ නඩුව අහනවා. එයාව නතර කරගෙනම නඩුව අහන්නම්. එතකොට ඌට පක්ෂ දාල යන්න පුළුවන් වෙයිද කියල බලන්න පුළුවන්" යි විවෘත අධිකරණයේදී පැවසුවේ ශ්‍රී ලංකාවේ අධිකරණය අමුම අමු මරාධිකරණයක් බව මොනවට ඔප්පු කරමිනි. මොහුගේ කතාව ඇසූ අධිකරණයේ සිටි නීතිඥවරුන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ දෑස් උඩ ගියේ ය.

මෙවර මධ්‍යම පළාතේ මැතිවරණය සඳහාම ඇමති සී.බී. රත්නායක විසින් මෙම විනිසුරුවරයා නුවරඑළියට මාරු කරවා ගෙන තිබේ. විනි-සොරා ලලිත් ඒකනායක යනු සී.බී රත්නායකගේ එක් මල්ලී කෙනෙක් වන තිලක් රත්නායක නමැත්තා සමග මහනුවර ධර්මරාජයේ එකම පන්තියේ හෝඩියේ සිට අපොස උසස් පෙළ දක්වාම එකට ඉගෙන ගත් අයෙකි. රත්නායකලාට ඉතාම හිතවත් පවුලේ ගජයෙකි. මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණයට සී.බී.රත්නායකගේ අනෙක් මල්ලී වන එස්.බී. රත්නායක ඡන්දය ඉල්ලයි. ඔහුගේ ජයග්‍රහණය සඳහා අමු අමුවේ නීතිය අතට ගෙන ඇති ඇමැති සී.බී. පසුගියදා ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ රැස්වීමකදී මෙසේ කීය.

"මොකාටවත් බය වෙන්න එපා. තරහ කාරයෝ ඉන්නවානම් ඕඅයිසීලාට කියන්න උන් උසාවි දමාවි. උසාවියට ගියාම ලලිත් බලාගනීවි. තමුසෙලා දැන් එස්.බීට අත පය දිග ඇරලා වැඩ කරන්න ඕනේ. ගහන එක ගහන්න ඕනෙ කනපුරා දැනෙන්න. තමුන්නාන්සේලා හොඳට මතක තියාගන්න මධ්‍යම පළාත දිනන්න ඕනෙ. සී.බී මේක හොඳින් හරි නරකින් හරි මට දිනවල දෙන්න කියල ජනාධිපති තුමා පසුගියදා නුවරඑළියෙ ආපු වෙලාවෙ මට පුද්ගලිකවම කිව්ව. ඒ හින්ද කිසි කෙනෙක් පස්ස ගහන්න එපා" යි ඇමැති සී.බී. රත්නායක පැවසීය

ඉහත නඩු පවරා ඇති වලපනේ ප්‍රාදේශීය සභාපති ජගත් කුමාර අමරහේවා එක්සත් ජාතික පාක්ෂිකයෙකි. එස්.බී.දිසානායක ආණ්ඩුවට පැන්න අවස්ථාවේදී බලපෑම් සිදුකර මොහුවද ආණ්ඩුවට බඳවා ගත්තේය. යළි අවුස්සා ඉදිරියට ගෙන තිඛෙන්නේ එසේ බලපෑම් කිරීමට 2010 දී පැවරූ නඩුවකි. ආණ'ඩුවේ ක්‍රියා පිලිවෙත සමග කලකිරී ඔහු යලි එජාපයට යෑමට සූදානම් වන බැවින් නඩුව යලි ගෙන තම හෙංචා විනි-සොරා ලලිත් ඒකනායක ලවා හිරේ විලංගුවේ දැමීම ඇමැති සී.බී.ගේ ව්‍යායාමයයි. 

නඩුවෙන් චෝදනා නගා ඇත්තේ සභාපති වරයා ලෙස ඔහුට ආණ්ඩුවෙන් නිල වශයෙන් ලබා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් අයථා ලෙස භාවිතා කළා යන්නයි. 
නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක නම් විනිසුරු විවෘත අධිකරණයේදී අමු අමුවේ දේශපාලනයේ යෙදෙමින් පක්ෂග්‍රාහී ද්වේෂ සහගත ප්‍රකාශයක් කිරීමේ කාලකන්නි සිද්ධියක්  වාර්තා වේ.

වලපනේ ප්‍රාදේශීය සභාපති ජගත් කුමාර අමරහේවාට එරෙහිව පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක විසින් 2010 දී පවරා ඇති නඩු අංක 172/2010 දරණ නඩුව ඊයේ (11) විභාගයට ගනිමින්
විනිසුරු ලලිත් ඒකනායක මෙසේ පක්ෂග්‍රාහී ද්වේෂ සහගත දේශපාලන ප්‍රකාශයක් කර තිබේ.

එජනිස පාක්ෂික වලපනේ සභාපතිවරයා ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට බැඳීමට යන බවට රාවයක් පවතින අතර ඊයේ ඔහුට එරෙහි නඩුව කැඳවමින් විනිසුරු ලලිත් ඒකනායක " ආ.. අද සභාපතියා ඇවිත් නැද්ද? එයාට කියන්න මම 24, 25 දවස් දෙකම මේ නඩුව අහනවා. එයාව නතර කරගෙනම නඩුව අහන්නම්. එතකොට ඌට පක්ෂ දාල යන්න පුළුවන් වෙයිද කියල බලන්න පුළුවන්" යි විවෘත අධිකරණයේදී පැවසුවේ ශ්‍රී ලංකාවේ අධිකරණය අමුම අමු මරාධිකරණයක් බව මොනවට ඔප්පු කරමිනි. මොහුගේ කතාව ඇසූ අධිකරණයේ සිටි නීතිඥවරුන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ දෑස් උඩ ගියේ ය.

මෙවර මධ්‍යම පළාතේ මැතිවරණය සඳහාම ඇමති සී.බී. රත්නායක විසින් මෙම විනිසුරුවරයා නුවරඑළියට මාරු කරවා ගෙන තිබේ. විනි-සොරා ලලිත් ඒකනායක යනු සී.බී රත්නායකගේ එක් මල්ලී කෙනෙක් වන තිලක් රත්නායක නමැත්තා සමග මහනුවර ධර්මරාජයේ එකම පන්තියේ හෝඩියේ සිට අපොස උසස් පෙළ දක්වාම එකට ඉගෙන ගත් අයෙකි. රත්නායකලාට ඉතාම හිතවත් පවුලේ ගජයෙකි. මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණයට සී.බී.රත්නායකගේ අනෙක් මල්ලී වන එස්.බී. රත්නායක ඡන්දය ඉල්ලයි. ඔහුගේ ජයග්‍රහණය සඳහා අමු අමුවේ නීතිය අතට ගෙන ඇති ඇමැති සී.බී. පසුගියදා ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ රැස්වීමකදී මෙසේ කීය.

"මොකාටවත් බය වෙන්න එපා. තරහ කාරයෝ ඉන්නවානම් ඕඅයිසීලාට කියන්න උන් උසාවි දමාවි. උසාවියට ගියාම ලලිත් බලාගනීවි. තමුසෙලා දැන් එස්.බීට අත පය දිග ඇරලා වැඩ කරන්න ඕනේ. ගහන එක ගහන්න ඕනෙ කනපුරා දැනෙන්න. තමුන්නාන්සේලා හොඳට මතක තියාගන්න මධ්‍යම පළාත දිනන්න ඕනෙ. සී.බී මේක හොඳින් හරි නරකින් හරි මට දිනවල දෙන්න කියල ජනාධිපති තුමා පසුගියදා නුවරඑළියෙ ආපු වෙලාවෙ මට පුද්ගලිකවම කිව්ව. ඒ හින්ද කිසි කෙනෙක් පස්ස ගහන්න එපා" යි ඇමැති සී.බී. රත්නායක පැවසීය

ඉහත නඩු පවරා ඇති වලපනේ ප්‍රාදේශීය සභාපති ජගත් කුමාර අමරහේවා එක්සත් ජාතික පාක්ෂිකයෙකි. එස්.බී.දිසානායක ආණ්ඩුවට පැන්න අවස්ථාවේදී බලපෑම් සිදුකර මොහුවද ආණ්ඩුවට බඳවා ගත්තේය. යළි අවුස්සා ඉදිරියට ගෙන තිඛෙන්නේ එසේ බලපෑම් කිරීමට 2010 දී පැවරූ නඩුවකි. ආණ'ඩුවේ ක්‍රියා පිලිවෙත සමග කලකිරී ඔහු යලි එජාපයට යෑමට සූදානම් වන බැවින් නඩුව යලි ගෙන තම  විනිසුරු  ලලිත් ඒකනායක ලවා හිරේ විලංගුවේ දැමීම ඇමැති සී.බී.ගේ ව්‍යායාමයයි.

නඩුවෙන් චෝදනා නගා ඇත්තේ සභාපති වරයා ලෙස ඔහුට ආණ්ඩුවෙන් නිල වශයෙන් ලබා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් අයථා ලෙස භාවිතා කළා යන්නයි.


No comments:

Post a Comment