Tuesday 10 September 2013

දයාසිරිට එරෙහිව ප්‍රා. සභා මන්ත්‍රී වහළයට නගී

තමන් ආණ්ඩුවට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා විසින් කර ඇති ප‍්‍රකාශයකට විරෝධය පා ගල්ගමුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙකු වන කේ. ආඩිඅප්පු මහතා ගල්ගමුව මූලික රෝහල ඉදිරිපිට බස්
නැවතුම්පොලේ වහලය මත නැගී උපවාසයක නිරත විය.

තමා කිසිම විටෙක ආණ්ඩුවට එක් නොවන බවත් දයාසිරි ජයසේකර මහතා කල ප‍්‍රකාශ අසත්‍ය බවත් පවසමින් ඔහු එම උපවාසය ආරම්භ කර තිබිනි.

උපවාසය අතරතුරදී අදාල මන්ත‍්‍රීවරයා ක්ලාන්තයක් ඇතිවීම හේතුවෙන් බස් නැවතුම් පොලේ වහලයෙන් බිමට ඇද වැටී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබු ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයා මේ වන විට ගල්ගමුව මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

No comments:

Post a Comment