Monday 30 September 2013

‘බර්ටි මැරුණා නොවෙයි මරා ගත්තා‘ - ආධාරකරුවන්

උතුරුමැද හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී රාජපක්ෂවරුන්ට එරෙහිව උද්ඝෝෂණයක් පැවති බව වාර්තා වේ.
‘බර්ටි මැරුණා නොවෙයි මරා ගත්තා‘ යැයි සටන් පාඨ කියමින් බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ආධාරකරුවන් විරෝධය දක්වා තිබේ. අවමංගල  උත්සවයට සහභාගි වී සිටි එස්. එම්. චන්ද්‍රසේන ඇමතිවරයාට සහ ඔහුගේ සොයුරු උතුරුමැද මහ ඇමති එස්. එම්. රංජිත් මහතාටද විරෝධය පළ කර ඇති පිරිස චන්ද්‍රසේන මහතා එම ස්ථානයෙන් ඉවත්ව යන තුරුම විරෝධය දැක්වීම නතර නොකළ බව වාර්තා වේ.
මේ නිසා අවසන් කටයුතු සිදු කිරීම පැයකින් පමණ ප්‍රමාද වී තිබේ.
බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනුරාධපුර හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණි.

No comments:

Post a Comment