Tuesday 17 September 2013

"නෝනයි මායි දෙන්නම යවන්නම් කිව්වා" - ෆොන්සේකා

fons-ano‘බිරිදයි මමයි දෙන්නම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවනවා කියලා එ.ජා.පය කීවා.මේ තුප්පහි දේශපාලනයට අකමැති නිසා එපා කීවා. බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව දන්නවා. බුලත් කොළේ වේලිලා අලියා කාටූන් වල පමණයි. ඒකත් බැන්ඬේජ් දාපු පැලැස්තර දාපු අලියෙක්.පාලකයන්ගේ හැසිරීම බලන්න.දුෂණයෙන් රට බේරා ගැනීම අවශ්‍යයි’ යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
උකුවෙල නගරයේදී පැවති ජන හමුවක් ඇමතූ ෆොන්සේකා මහතා ලංකාව ලෝකයේ අසමත්ම රටවල් ලැයිස්තුවට අසමත් බව පෙන්වා දෙමින් මෙසේද කීය.
‘පාලකයෝ මැතිවරණයට මුවා වෙලා ගසා කනවා.මේ රටේ දුෂිත මැතිවරණ කි‍්‍රයාදාමයක් තියෙන්නේ.පාලකයින්ගේ මැරයෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට මැතිවරණ වේදිකාවක්වත් ගහ ගන්න දෙන්නේ නෑ. දුෂිත මානසිකත්වය තුළ පාලකයෝ මර්දන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා.බහුතරයක් නායකයෝ ස්ත‍්‍රී දුෂකයෝ, ළමා අපචාර වලට සම්බන්ධයි. කප්පම් ගන්න අල්ලස් ගන්න කාලය අවසන් නොකර රට ගොඩ ගන්න බැහැ.
තුන් වේල කන්නේ නැති සියයට 95ක් මේ රටේ ඉන්නවා. අහන්න බලන්න වෙලා තියෙන්නේ බලාපොරොත්තු සුන් වූ මුහුණු. අවිනිශ්චිතව ජීවත් වන ගණන සියයට 05යි. චිත‍්‍රපටයක් බැලූවොත් ඊළග සතියේ කන එක ප‍්‍රශ්නයක්. වර්තමානයේ රට තුළ දක්නට ඇත්තේ ඛේදනීය ඉරණමක්.රටේ පාලකයෝ පෞද්ගලික න්‍යාය පත‍්‍රයකට වැඩ කරනවා.රට අරාජික වෙනවා. ජනතාවට යන එන මං නෑ.දුෂිත දේශපාලඥයන් සියලූ සම්පත් සූරාගෙන අවසානයි’

No comments:

Post a Comment