Tuesday 10 September 2013

ජ.වි.පෙ තුළ තවත් කුමාර් හොල්මනක් ඉන්නවා - විමල් වීරවංශ


Wimal Weerawansa 10913
 දෙමළ ජාතික සන්ධනයේ ජාතිවාදී ප්‍රවනතා ඉස්මතු වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ වැරදි හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර ඔක්තුකරුවෙකුගේ නියෝජිතයෙක් පසුගියදා ප්‍රකාශ කර තිබුනා.මේ නියෝජිතයා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිත්ති සා‍ධාරණීකරණය කර තිබෙන බව ඇමැති විමල් වීරවංශ පැවසීය.  ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවක උපහාර  නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ කුමාර් කියලා අන්තර් ජාතික ඔත්තු කාරයෙක් හිටියා  ඔහු  අන්තර් ජාතික  ඔත්තු සේවයේ  ඒජන්ත වරයෙක්  ජනතා විමුක්ති පෙරමුණ මේ තියෙන ප්‍රපාතයට වට්ටන්න ඔහු විවිධ විදියට කුමන්ත්‍රණය කිරීම් කළා. ඒ ඔත්තු කාරයා ජනතා විමුක්කි පෙරමුණෙන් ගියේ අනුප්‍රාප්තිකයෙක් තියලා ඔත්තු කාරයෙක් ඔක්තු කාරයෙක්  අනුප්‍රාප්තිකයෙක් නොතියා යන්නේ නෑ. ඒ අනුප්‍රාප්තිකයා පිල්ලේ නෝනා එනකොට  පිල්ලේ නෝනට වක්‍ර ලෙස වාසිදායක මත  ඉදිරිපත් කරමින් හිටියා. මම දන්නේ නැ ජනතා විමුක්ති පෙරමුණට ඒවා පේනවද කියලා.


හොදට නිරික්ෂණය කළොත් පේනවා අන්තර් ජාතික න්‍යාය පතුයකට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා. ඔහු කියනවා මහින්ද රාජපක්ෂගේ වැරදි නිසා  දෙමළ සන්ධානය ජාතිවාදයට තල්ලුවෙනව කියලා.  මේ ප්‍රතිපත්ති ගේන තැනට තල්ලු වෙනව කියලා. ඒක යකාගේ කතාවක්නේ.
 එතකොට වඩුක්කොඩේ සම්මේලනය තිබ්බේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඉන්න කාලේද වඩුක්කොඩෙයි සම්මේලනයේදී ගත්තු තීරන තමයි දැන් සම්බන්ධන්මහත්තයා කියන ප්‍රතිපත්ති එතකොට කොහොමද දැන් ඉන්න ආණ්ඩුව වගකියන්නේඅන්න බලන්න අර ඔක්තුකාරයාගේ අනුප්‍රාප්තිකයාට බෑ දෙමළ ජාතික සන්ධානයේ  බෙදුම්වාදී ජාතිවාදය විවේචනය කරන්න. මේ කරන්නේ දෙමළ ජතික සන් ධානයේ ප්‍රතිපත්ති වලට සුදු හුනු ගැමක් බව ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය

No comments:

Post a Comment